බලු පැටියෙක් නිසා දුර ගිය සඳනිගේ ආදරේ

  👤  2081 readers have read this article !
Published by : MB WEB 2018-08-06 14:48:01

තිළිණි කෞශල්‍යා විජේසිංහ

සඳනි හීනයක් හැබෑ කරගත්තා කියලා ආරංචියි?

ඔව්. මම ගුරුවරියක් වෙන්න ආසාවෙන් හිටියේ. ඉතිං ඒ හීනය මේ වෙනකොට හැබෑ වෙලා තියෙන්නේ. දැන් මම නුගේගොඩ සසෙක්ස් පාසලේ ගුරුවරියක් ලෙස වැඩ කරනවා.

ඔය ගුරු භූමිකාව නිසාද මේ දවස්වල සඳනි පුංචි තිරයේ පේන්න නැත්තේ?

මම සම්බන්ධ වුණ නාට්‍ය කිහිපයක්ම විකාශය වෙලා ඉවර වුණා. 'නේබරයා' කියන නාට්‍යයටත් සම්බන්ධ වුණා. ඒත් මේ දවස්වල විකාශය වෙන නාට්‍යයක් නම් නැහැ.

දැන් වැඩ අඩුවෙන්ද කරන්නේ?

ගුරුවරියක් විදියට වැඩ කරන නිසා කාලය කළමනාකරණය කරගෙන තමයි වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මට ලොකු වැඩක් ළඟදි ආවෙත් නැහැ. කොහොම වුණත් හොයලා බලලා කාලය හදාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ.

වෘත්තිය නිසා කලින්ටත් වඩා තෝරා ගැනීම් කරනවා ඇති නේද?

ඔව්. මම වෘත්තිය ගැන හිතනවා. මම ළමයි එක්ක වැඩ කරන නිසා එයාලට ආදර්ශයක් වෙන විදියට තමයි මට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතිං මම නිර්මාණ තෝරා ගනිද්දී ඒ ගැන සැලකිලිමත් වෙනවා.

ස¼දනිගේ ජීවිතය වෙන කවුරුත් පාලනය කරන්නේ නැද්ද?

නැහැ. මාව පාලනය කරන්න කවුරුත් නැහැ. මොකද මම වැරැදි දේවල් කරන්නේ නෑ. මගේ අම්මයි තාත්තයි වුණත් මම කරන හරි දේවල්වලට උදවු කරනවා.

පුංචි තිරයේ දකින සඳනි මෑතකදී සිනමාවේ දකින්න ලැබුණේ නෑ. සඳනිට සිනමාව මඟ හැරිලද?

මම රෝස කැලේ, රන් කෙවිට වගේ චිත්‍රපට කිහිපයක රඟපෑවා. ඒත් මෑත කාලයේ නම් මට චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ දේවල් මඟ හැරෙන්නේ මගේ පෙනුමේ අවුලක් නිසාද දන්නේ නෑ. මගේ පොඩි පෙනුම ඒකට බලපානවා ඇති. කොහොම වුණත් ගැළපෙන දෙයක් ලැබුණොත් මම කරනවා.

ඔය ගැළපෙන නොගැළපෙන බව තීරණය වෙන්නේ මොන කාරණා මතද?

විශේෂයෙන්ම මම කරන දේ වෘත්තියට ගැළපෙන්න ඕන. ඒ වගේම ලැබෙන චරිතය මට කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද, මගේ දක්ෂතාව පෙන්වන්න පුළුවන් දෙයක්ද බලන්න ඕන.

ඔය විදියට තෝරන්න අරගෙන සඳනි රංගනයෙන් අෑත් වෙයිද?

රංගනයෙන් අෑත් වෙන්න නම් අදහසක් නෑ. නමුත් හැමදාම රංගන කටයුතු කරන්න අමාරුයි. පුළුවන් විදියට රංගන කටයුතුවලට සම්බන්ධ වෙනවා.

බොහෝ විවාහ උත්සවවල සඳනි දෙවැනි මනාලිය ලෙස දකිනවා. දැන් කී වතාවක් දෙවැනි මනාලිය වුණාද?

තිසුරි අක්කිගේ වෙඩින් එකේ මම දෙවැනි මනාලිය වුණේ දහ වැනි වතාවට. මම හිතාගෙන හිටියේ නව සැරයක් දෙවැනි මනාලිය වෙලා ඊට පස්සේ මගේ වෙඩින් එකේ මනාලියම වෙනවා කියලා. ඒත් මම තිසුරි අක්කාගේ වෙඩින් එකේ දෙවැනි මනාලිය වෙන්න හා කියලා තිබ්බේ කාලයකට කලින් ඉඳලා. ඉතිං ඒ පොරොන්දුව ඉෂ්ට කළා. දැන් මගේ හොඳම යාළුවගේ වෙඩින් එකෙත් දෙවැනි මනාලිය වෙන්න තියෙනවා. නව වැනියාගෙන් නවතින්න හැදුවට ඒක කරන්න බැරි වුණා.

එකොළොස් වැනි වතාවටත් දෙවැනි මනාලිය වෙලා ඊට පස්සේ සඳනි මනාලියක් වෙන හීනය හැබෑ කර ගනියිද?

ඒක දැන්ම සැලැසුම් කරගෙන නැහැ. මගෙත් තව වැඩ ගොඩක් කරගන්න තියෙනවා. එයාගෙත් වැඩ ගොඩක් තව කරගන්න තියෙනවා. ඉතිං එන විදියට හරි කාලේ හරි විදියට මනාලියක් වෙන හීනය හැබෑ කර ගන්නවා.

සඳනිගේ හිත ගත්ත ඒ කෙනා කවුද කියලා කියමුද?

නම නම් දැන්ම කියන්න බැහැ. එයා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ඉන්ජිනේරුවෙක් විදියට වැඩ කරනවා. වැඩි විස්තර ඉස්සරහට කියන්නම්.

පෙම්වතාගෙන් සඳනිගේ රංගන ජීවිතයට හොඳ සහායක් ලැබෙනවාද?

ඔව්. එයා මම කරන හැම දෙයකටම උදවු කරනවා. එයා මට කිසි දෙයක් කරන්න එපා කියන්නේ නෑ. මම වැරැදි කරන්නේ නෑ කියලා එයා දන්නවා. එයාට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා එයා මට රංගනයටත් උපරිම සහාය දෙනවා.

සඳනිගේ ආදර කතාව පටන් ගත්ත විදිය කියන්න කැමැතිද?

අපි මුලින් යාළුවෝ. එයාට ලස්සන බව්වෙක් ඉන්නවා. මමත් බව්වන්ට ගොඩක් ආසයි. බව්වා ගැන කතා කරන්න ගිහින් තමයි යාළුකම දුරදිග ගියේ.

සඳනිගේ ජීවිතයේ ඉදිරි සැලසුම් ඇති?

ඔව්. නර්සරි එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. ඒ වෙනුවෙන් ඉගෙන ගන්නවා. උපාධියේ වැඩත් පටන් ගන්නවා මේ මාසේ ඉඳන්. මේ හැමදේම එක්ක හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon