බාසිලෝනා යන්නත් සුදුස්සන් තෝරන 12න් පහළ ‘මයිලෝ’ පාපන්දු තරගාවලිය ලබන 8-9 බදුල්ලේදී

  👤  1788 readers have read this article !
Published by : MB WEB 2018-08-02 11:01:55

විචිත්‍ර වීරසිංහ


නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අවුරුදු 12න් පහළ පළාත් පාපන්දු තරගාවලියේ අවසන් තරග අගෝස්තු 8 හා 9 යන දෙදින බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.


කෙසේ වෙතත් පළාත් 9කට අදාළව පැවැත්වුණු මෙම තරගාවලිය 'අධචඤ බධ ඕචපජඥතධදච' වැඩසටහන ලෙස නම්කර ඇති අතර, මෙහිදී අතිවිශිෂ්ට දක්‍ෂතා දක්වන 6 දෙනකුට ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය විසින් මෙහෙයවනු ලබන සිවුදින පුහුණු කඳවුරකට සහභාගිවීමට අවස්ථාව හිමිව තිබීමද විශේෂත්වයකි.


ඒ අනුව පසුගිය ජූලි මාසයේ මුල් සතියේ සිට පැවැත්වුණු මෙම තරගාවලිය සඳහා බාලිකා කණ්ඩායම් 250ක් හා බාලක කණ්ඩායම් 800කට ආසන්න ප්‍රමාණයකින් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් 12,000කට අධික ප්‍රමාණයක් එක්ව තිබිණි. එම කණ්ඩායම් ප්‍රමාණයෙන් 8 හා 9 වැනිදා පැවැත්වෙන අවසන් වටයේ තරග සඳහා බාලක කණ්ඩායම් 32ක් හා බාලිකා කණ්ඩායම් 32ක් මේ වනවිට සුදුසුකම් ලබා සිටී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon