ජීවන ගින්දර නිවා ඉන්දික යන්න ගිහින්

  👤  2513 readers have read this article !
Published by : MB WEB 2018-08-05 11:00:21

ඩුවට් එකක් කරමුද කියලත් මගෙන් ඇහුවා

දයාන් විතාරණ

ඉන්දික මල්ලීව මට මුණගැහෙන්නේ මීට අවුරුදු පහළොවකට කලින් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පැවැත්වුණු ප්‍රසංගයකදී. ඔහු පාසලට හරි ආදරය කරපු කෙනෙක්. මමත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා විද්‍යාලයේ ආදි සිසුන්ගේ ප්‍රසංගවලදී මම, ආනන්ද පෙරේරා, කීර්ති පැස්කුවල්, ඉන්දික මල්ලී ගීත ගායනා කරනවා.

අපි එක පාසලේ සහ කලා ක්ෂේත්‍රයේ නිසා හැඳුනුම්කමක් තිබ්බා. ඔහු සංයුක්ත තැටියකුත් කළා. ඒක නිකුත් කරන දවසේ මම තකහනියේ මහනුවර ගිහින් ආවා. ඔහු මට පහුගිය දවසක දුරකථන ඇමැතුමක් අරගෙන තිබ්බා. නමුත් මට එයට කතා කරන්න මඟහැරිලා. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු මට මැසෙන්ජර්වලින් පණිවුඩයක් තියලා තිබ්බා. මට මැසේජ් කිහිපයක් මඟහැරිලා තිබ්බම ඔහු අහලා තිබ්බා 'ඇයි අයියා මැසේජ් කරන්නේ නැත්තේ' කියලා. ඊට පස්සේ මම ඹ්ධමඥ රධභ ච තධබ කියලා කිව්වම ඹ්ධමඥ රධභ ථචඨඥ චරරච කියලා ඔහු මට මැසේජ් කරලා තිබ්බා. මම මැසේජ් නොකරපු එකත් ඔහුට දැනිලා තිබ්බා. කොළඹ එන වෙලාවක ඡායාරූප ටිකක් ගන්න බලාගෙන එන්න කියලත් මං කිව්වා. ඒත් ඒක කරන්න ලැබුණේ නෑ. අපි දෙන්නා ඩුවට් එකක් කරමුද කියලත් ඇහුවා මගෙන්. ඉන්දික මල්ලී මට හරි ආදරෙයි. හරිම ලස්සන ප්‍රසන්න පුද්ගලයෙක් ඔහු. ඒ වගේම හරිම සංවේදියි. මෙහෙම තරුණයෝ නැති වෙලා යන එක ගැන දුකයි.

දුක දරාගන්න බැරි සංවේදී කෙනෙක්

කීර්ති පැස්කුවල්

ඉන්දික කියන්නේ තාරුණ්‍යයේ ඉන්න ජනප්‍රිය නළුවෙක්. දුක දරා ගන්න බැරි හරිම සංවේදී චරිතයක්. අපි දෙන්නම ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. මිය යද්දි ඔහුට වයස අවුරුදු 37යි. මෙච්චර ඉක්මනට ඔහු අපි අතරින් සමුගනී කියලා හිතුවේ නෑ.

හැබැයි අන්තිම කාලේදී ඔහු ජීවිතේ ගැන කලකිරීමෙන් ඉන්න ඇත්තේ. ඔහුට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

ක්‍ෂේත්‍රයට දක්ෂයෙක් නැති වුණා

දමිතා අබේරත්න

රඟපෑම් කටයුතුවලදීත් ජීවිතේදීත් මං සහෝදරියක් වගේ ඉන්දිකගේ ළඟින්ම හිටියා. ක්ෂේත්‍රයට දක්ෂ කෙනෙක් නැති වුණා. ඒ ගැන ලොකු කලකිරීමක් සහ කනගාටුවක් තියෙන්නේ. මිනිස්සු තමන්ගේ ජීවිතේ තියෙන බැඳීම්, දක්ෂතාවන් අමතක කරලා හොඳයි කියලා අල්ලගන්නේ වෙන දෙයක්. හැබැයි ඒක තුළ නෙවෙයි ජීවිතේ තියෙන්නේ. මේ දෙයින් වුණේ එයා වටේ හිටපු අයට එයාව අහිමි වීම. මම ඉන්දිකට සදාතනික සුවදායක නින්දක් හා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

අපි කාලයක් එකට වැඩ කළා

උද්දික ප්‍රේමරත්න

ඉන්දිකගේ මරණය හරිම කනගාටුදායක සිදුවීමක්. අපි එකට වැඩ කරලා තියෙනවා. හැබැයි කාලයක් තිස්සේ අපි හම්බ වුණෙත් නැහැ. ඔහු මොකද කරන්නේ? කොහෙද ඉන්නේ කියලවත් දැනගෙන හිටියේ නැහැ. එක පාරටම ඔහු මියගියා කියලා ආරංචි වුණහම ලොකු වේදනාවක් දැනුණා. ඉන්දිකට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

අපි එකම පාසලේ යාළුවෝ

විශ්ව කොඩිකාර

ඉන්දික කියන්නේ මම කුඩා කාලයේ ඉඳන්ම හඳුනන මිත්‍රයෙක්. අපි දෙන්නම ඉගෙන ගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ඉඳලා 1999 තමයි අපි හඳුන ගත්තේ. ඔහු හරිම විනෝදෙන් ඉන්න කෙනෙක්. අපි ක්‍ෂේත්‍රයට ආවම ඒ තිබ්බ යාළුකම තව වැඩි වුණා. මේ තරම් ඉක්මනට ඔහු නැතිවෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඇත්තටම හොඳ මිතුරෙක් අහිමි වීම ගැන ලොකු දුකක් තියෙනවා. මම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon