ගමට පාලමක් නැතිව මහපාළුවත්ත ජනතාව පීඩාවට

  👤  1669 readers have read this article !
Published by : MB WEB 2018-07-20 07:48:09

උෟරුබොක්ක - අතාවුද පතිරණ

උෟරුබොක්ක මැකිලියතැන්න මහ පාළුවත්ත ගම්මානයේ ජනතාව දශක ගණනාවක සිට ගම්මානයට යෑමට පාලමක් නොමැතිව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී. උෟරුබොක්ක ඔය ඔස්සේ ගලා බසින උමන්‍ෙදාළ මහ පාළුවත්ත ගම්මානයට යෑමට ජනතාවට තරණය කිරීමට සිදුව ඇත. මහපාළුවත්ත, ඇටඹගහතැන්න, බෙංගමුකන්ද, අලුත්කෑල්ලවත්ත ගම්මානවල පදිංචි පවුල් එකසිය පනහකට වඩා සිටින අතර ඉඩම් වගා කටයුතු සිදු කරගෙන ආදායම ලබා ගන්නා පිරිස දෙසීයකට ආසන්නය.

එම පිරිස මෙම ගම්මානවල ස්ථිර පදිංචියට නොපැමිණෙන්නේ නිවසක් සාදාගන්න අවශ්‍ය ගල් වැලි ඇතුළු ඵගොඩනැඟිලි ද්‍රව්‍ය ගෙන ඒමට පාලමක් පාරක් නොමැති නිසායි. මෙම ගම්මානවල පදිංචිව සිටින පිරිසද තම ගමට එන්න තිබෙන දුෂ්කරතාව නිසා පදිංචිය හැර යමින් සිටින බවට ප්‍රදේශවාසීන් පවසයි. තේ වගාව සිදුකරන මෙම ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තේ දලුයි. රටට විනිමය ගෙනෙන ප්‍රධාන ආදායම් මාර්ගය තේ වගාව තිබෙන මෙම ගම්මානවල පදිංචි ජනතාව තම ඉඩමෙන් නෙළා ගන්නා අමු තේ දලු කර මතින් ගෙන දැඩි අපහසුතාවකින් උෟරුබොක්ක ඔය තරණය කරමින් උෟරුබොක්ක කටුවන ප්‍රධාන මාර්ගයට ගෙන ආ යුතුය.

උෟරුබොක්ක ඔය පිටාර ගලන කාලයට මෙම ගම්මානවල ජනතාව තේ දලු නෙළීම සිදු නොකරයි. පාලමක් මාර්ගයක් නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින මෙම ගම්මානවල පදිංචි ජනතාව මාර්ග පහසුකම් සලසා ගැනීම සඳහා දරන උත්සාහය අතිවිශාලය. මෙම ගම්මානවලට යෑම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයකු විසින් ඔහුගේ වියදමින් යතුරුපැදියක් ගමන් කළ හැකි ආකාරයට පාලමක් ඉදිකර තිබූ අතර එය 2003 ගංවතුර අවස්ථාවේ කැඩී ගියේය.

මාතර දිස්ත්‍රික්කයට මහපාළුවත්ත ගම්මානයත්, හම්බන්තොට දිස්ත්‍රික්කයට බෙංගමුකන්ද, ඇටඹගහතැන්න, අලුත්කෑල්ල ගම්මානය අයත්ව තිබීම හේතුවෙන් මෙම ගම්මාන හතරේම පදිංවි ජනතාව දශක ගණනාවක සිටම දිස්ත්‍රික්ක දෙකේම දේශපාලන අධිකාරියට මෙන්ම වගකිව යුතු නිලධාරීන්ට පලම හදලා දෙන ලෙස ඉල්ලා පවසා සිටියත් දිස්ත්‍රික්ක දෙකේම දේශපාලන අධිකාරිය මෙන්ම වගකිවයුතු අංශ ප්‍රකාශ කරන්නේ ඔය පාලම හදන්න අපට අයිතියක් නැහැ, ඕක හදන්න ඕන අහවල් දිස්ත්‍රික්කයෙන්ය යන්න ප්‍රකාශ කිරීම නිසා මෙම ගම්මාන දෙකේම ජනතාව අසරණ වී සිටී. මෙම ගම්මානවල ජනතාව රජයෙන් රැකියා ඉල්ලන්නේ නැත. වෙනයම් දේවල් ඉල්ලන්නේ නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම තම ගමට යන්න උෟරුබොක්ක ඔය හරහා පාලමක් ඉදිකර මාර්ගය සකස් කර දෙන ලෙස පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon