කන්තලේ සීනි කම්හලේ ගනුදෙනුව පිටුපස අල්ලස් කුරුමානමක්

  👤  1922 readers have read this article !
Published by : MB WEB 2018-07-20 07:11:29

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

කන්තලේ සීනි කම්හලේ අබලි යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වත්මන් ආයෝජකයාට ලබාදුන් දා සිටම අල්ලස් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කර ඇති බව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වන බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පැවැසීය.

කන්තලේ සීනි කම්හල ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවතින ප්‍රමාදය පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් සිටි ස්ථාවරය පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා එසේ පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත පුංචිනිලමේ මහතා පැවැසුවේ හිටපු ලේකම්වරයා අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට අගමැති කාර්යාලයෙන් උපදෙස් ලැබී තිබුණා. සීනි කම්හල ආරම්භ කළ යුතුය යන ස්ථාවරයේ සිට මම මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ කෘෂිකර්ම හා ඉඩම් ආංශික අධීක්ෂණ කාරක සභාවටත් මුදල් කාරක සභාවටත් ඊට පෙර අගමැතිතුමාටත් එතුමා යටතේ පැවැති ආර්ථික කමිටුවටත් දැන්වූවා. එසේ තිබියදී ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගත්තේ නැහැ. මේ සම්බන්ධයෙන් වාචික හා ලිඛිත පිළිතුරු අපේක්ෂාවෙන් මේ ගැටලුව පාර්ලිමේන්තුවේදී අගමැති වෙත යොමු කළායි පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon