94 වන උදාගම්මානය හෙට ජනතා අයිතියට

  👤  1082 readers have read this article !
Published by : MB WEB 2018-07-19 15:47:03

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 94වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, තිස්සපුර ඉදිවූ "සිරිමිතුරු LOLC උදාගම" හෙට (20) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.

මෙහි මුළු නිවාස ගණන 30කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.

"සිරිමිතුරු LOLC උදාගම" ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 4.5කි. සෑම නිවසකටම පර්චස් 20බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon