මාධ්‍යට ‍ෙදාස් නැඟූ බොලිවුඩයේ සුපිරි නළු නිළියන්

  👤  1350 readers have read this article !
Published by : MB WEB 2018-07-19 18:15:15

බොලිවුඩ් රංගන ශිල්පීන්ට, ශිල්පිනියන්ට ජනප්‍රිය වෙන්න මාධ්‍යවලින් ලොකු බලපෑමක් සිදුවෙනවා. දැන් සමාජ ජාලවලින් මේ කාර්ය වඩා පහසු කළත් බොලිවුඩ් තරු රසිකයන් අතරට ගෙනියන්න අදටත් වැඩි කාර්යභාරයක් සිදු කරන්නේ විද්‍යුත් මාධ්‍ය. සිනමා ජීවිතයට විතරක් නෙවෙයි මේ අයගේ පෞද්ගලික ජීවිතයේ රස මුසු තැන් රසිකයන්ට සමීප කරන්නත් මාධ්‍ය දරන්නේ ලොකු වෙහෙසක්. ඒ කොහොම වුණත් මේ හේතුවෙන් සමහර නළු නිළියන්ට වුණු අපහසුතා නිසාම බොලිවුඩ් තරු ප්‍රසිද්ධියේම මාධ්‍යයට බැන වැදුණු අවස්ථාත් අපිට දැක ගන්න පුළුවන්. මේ එවැනි අවස්ථා කිහිපයක්.

ෂාරුක් ඛාන්
බොලිවුඩයේ රංගන තරුවක්, ෂාරුක්ට King Khan කියූ බව පවසමින් එයට ෂාරුක් දක්වන අදහස මාධ්‍ය නාළිකාවකින් විමසා සිටියා. ෂාරුක්ගේ පිළිතුරට යමක් එක් කිරීමේ අදහස ඇතිවයි මේ ප්‍රශ්නය ෂාරුක්ට ඉදිරිපත් කර තිබුණේ. 'මාධ්‍යවේදියාට, එම නළුවාගේ නම හෙළි කිරීමට තරම් ධෛර්යක් නොමැතිකම හා තම අදහස් හා පටලවා වෙනත් කට කතාවක් සෑදීමට අවශ්‍ය බව පවසමින් මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට හාස්‍යයෙන් පිළිතුරු දුන්නත් ෂාරුක් දැඩි ආවේගයකින් මාධ්‍යවේදියාට එය කියා සිටි බව කාටත් වැටහුණා.

අයිශ්වර්යා රායි
අයිශ්වර්යා ඇගේ දියණියත් සමඟ උපන් දිනය සමරන්නට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිටින ස්ථානයකට ගිය විට ඇයගේ ඡායාරූප ගැනීමට කෝලහාල කළ මාධ්‍යවේදීන්ට ඇය තදින් අවවාද කළා.
ඔයාලා මේ ඇවිත් ඉන්නේ Function එකකටවත්, ෆිල්ම් එකක මංගල දර්ශනයටවත් නෙවෙයි. කරුණාකරලා නිශ්ශබ්ද වෙන්න. මෙතැන ඉන්නෙ පුංචි දරුවො. ශීලාචාරව හැසිරෙන්න. අයිශ් කඳුළු පුරවාගෙන මේ විදියට මාධ්‍යයට අවවාද කළේ දැඩි සිත් රිදීමකින්.

පරිනිතී චොප්රා
Daawate - lshq චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවලට එක්වී සිටි පරිනිතී මාධ්‍යය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ දැඩි කනස්සල්ලකින්. මේ චිත්‍රපටයේ ඇය ටිකක් මහතට පෙනෙන බවක් දිස්වෙන බව පැවැසූ මාධ්‍යවේදියාට 'එම ප්‍රශ්න ඇසීම හාස්‍යයක් බවත්, ආහාර රටාව හා ව්‍යායාම කරමින් තමන් චරිතයට සාධාරණයක් කිරීමට උනන්දු වෙන බවත් ඇය දැඩිව කියා සිටියේ 'ඔයා ඒ ගැන කරදර වෙන්න එපා' යන වදන් පෙළද දැඩිව පවසමින්.

අර්ජුන් කපූර්
අර්ජුන් ඔහුගේ පෞද්ගලික ගමනක් යන අතරතුරදී මාධ්‍යවේදීන් වටවී ඔහුගේ ඡායාරූප ගත් අවස්ථාවක එක් තරුණයෙක් අර්ජුන් සමඟ සෙල්ෆි ගැනීමට ළඟට විත් තිබෙනවා. එවිට එක් මාධ්‍යවේදියෙක් එම තරුණයාට එතැනින් ඉවත් වෙන්න යැයි කෑ ගසා කියා සිටියා.
මේ ක්‍රියාවට තරහ ගත් අර්ජුන් වහා ඔහුගේ වාහනයට නැඟීමට ගියේ මාධ්‍යවේදියාට තරහින් බැන වදිමින්. 'මොකක්ද ඒ කළේ. ඔයාට එහෙම කියන්න අයිතියක් නෑ. ඔයා මොන මීඩියා එකේද? ආයේ කවදාවත් ඒ වගේ දෙයක් කරන්න එපා' අර්ජුන් මාධ්‍යවේදියාට බැන වැදුණේ එලෙසයි.

ප්‍රියංකා චොප්රා
Film Fare සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රියංකා, ෂාරුක් ඛාන්ටත් වඩා ප්‍රමාද වී රූගත කිරීම්වලට පැමිණීම ගැන ඇගෙන් විමසා තිබුණා. ඇය මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මේ විදියටයි. 'එහෙම දෙයක් නැහැ. මම ඉස්සරත් වෙලාවට වගේම පරක්කු වෙලත් Location එකට ඇවිත් තියෙනවා. ඒ නිසා මට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. දැන් ඔයාට ඕනෙ ඔය විදියෙ ප්‍රශ්න අහල අලුත් කතාවක් හදන්නනේ. මං ඒක වෙන්න දෙන්නේ නැහැ. ඔයා ඕන තරම් ප්‍රශ්න අහන්න. මං හිනාවෙලා උත්තර දෙන්නම්" ඇය නෝක්කාඩු ස්වරූපයෙන් පවසා තිබුණා.
ඒ අවස්ථාවේ හිනාවෙලා හිටියත් ඇය ඒ පිළිතුර දී තිබුණේ දැඩි ස්වරයකින්.

දීපිකා පදුකෝන්
Finding Fanny චිත්‍රපටයේ ප්‍රමෝෂන්වලට එක්වූ දීපිකා හා අර්ජුන් කපූර් දෙදෙනාත් මාධ්‍ය විමසූ ප්‍රශ්න නිසා අපහසුතාවට පත්වී තිබුණා. 'ඔයා ඔය ප්‍රශ්න අහන්නේ කිසිම දෙයක් හරියට දන්නේ නැතිව. ඒ නිසා මගෙත් ගොඩක් හිත රිදුණා. දෙයක් හරියට දැනගෙන අහන්න කියලා දීපිකා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ දැඩි ආවේගයකින්.

රන්බීර් කපූර්
දිනක් මාධ්‍ය සාකච්ඡාවකදී රන්වීර්ට ඉදිරිපත් වුණේ පුදුමුකාර ප්‍රශ්නයක්. රන්බීර්ගේ පවුලේ සමීපතම ඥාති සොයුරියක් වන කරීනා හැම විටම මාධ්‍යයට සමීපව හිටියත් රන්බීර් බොහෝ දේ මාධ්‍යට සැඟවීම ගැන තමයි රන්බීර්ට ප්‍රශ්නය ඉදිරිපත් වුණේ. එය තමන්ගේ විදිය බවත් එක් එක් අය වෙනස් වෙන බවටත් පිළිතුරු දුන් ඔහු ඒ ගැන කරදර නොවන ලෙසටත් මාධ්‍යයට කියා සිටියේ අවධාරණයෙන්.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon