ෂම්සි කලින්ම ගෙදර යයි

  👤  1229 readers have read this article !
Published by : MB WEB 2018-07-18 15:15:14

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක ටාබේ්‍රස් ෂම්සි පෞද්ගලික හේතුවක් නිසා නැවත දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගියදා ගාල්ලේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේදී ටාබේ්‍රස් ෂම්සි ශ්‍රී ලංකා කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් ඔහු නැවතත් දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ එක් වන දිනයක් සම්බන්ධව මෙතෙක් නිවේදනය කර නොමැති අතර ඒ අනුව මෙම මස 20 වැනිදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු දෙවැනි ටෙස්ට් තරගයේදී ශම්සිගේ ස්ථානයට නවක පා දඟ පන්දු යවන ක්‍රීඩක ශෝන් වොන් බර්ග් නම් කිරීමට වැඩි ඉඩක් පවතින බවද පැවැසේ.

පළමු පෙළ ක්‍රිකට් තරග 96කට ක්‍රීඩා කර ඇති ශෝන් වොන් බර්ග් එහිදී කඩුලු 345ක් බිඳහෙළා ඇති අතර ලකුණු 28.71ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින් තරග 96ක ඉනිම 144කදී ලකුණු 3474ක් රැස්කර ගැනීමට සමත් වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon