ජනපති ජෝර්ජියාවේ නිල සංචාරය අරඹයි
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුව සඳහා සහභාගීවීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජෝර්ජියාවේ තෙදින නිල සංචාරයක් අරඹයි.
හය වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථක ව නිම කර අද (17) අලුයම ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (Shota Rustaveli Tbilisi International Airport) වෙත ළඟා විය.
ගුවන් තොටුපළේ දී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ (George Sharvashidze) මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව සමුළුව හෙට (18) පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්රණ සහ සමුළු ශාලාවේ දී ඇරඹෙන අතර හෙට දිනයේම සමුළුව අමතන ජනාධිපතිතුමා මෙම හවුල්කාරීත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනීය පියවරයන් පිළිබඳව අදහස් දැක්වීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය, (OGP) පුරවැසියන් කෙරෙහි රජය දක්වන විනිවිද භාවය, වගවීම, මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම උදෙසා සැකසුණු යාන්ත්රණයකි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය 2011 වර්ෂයේ දී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්වත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙන යනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලැබුණු ආරාධනාව අනුව 2015 වසරේ දී ශ්‍රී ලංකාව ඒ හා එක් විය. ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රට ද වෙයි.
මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
දූෂණ විරෝධය, සිවිල් අවකාශය සහ රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම යන අරමුණු ඉටු කර ගැනීමේ දී පවතින අභියෝග සහ එම අභියෝග ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් සාමුහික ව ගතයුතු ප්රයත්නයන් පිළිබඳ මෙවර රාජ්‍ය නායක හමුවේ දී පුළුල් අවධානයක් යොමු කෙරෙනු ඇත.
මෙම තෙදින නිල සංචාරයට ජනාධිපතිතුමා සමග රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න හා නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ද එක් ව සිටිති.
අද මව්බිමෙන්
- නීති විරෝධී සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවන ලෙස ඉල්ලා වෛද්‍ය ශිෂ්‍ය මවුපියන්ගෙන් ජනපතිට ලිපියක් 🕔2019-02-20
- 2018 ජනවාරියට වඩා 2019 ජනවාරියේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ යෑමක් 🕔2019-02-20
- බෝගවලට වන හානි වැළැක්වීමට කෘෂිකර්ම තොරතුරු මධ්‍යස්ථානයෙන් නව වැඩපිළිවෙළක් 🕔2019-02-20
- එජාපය ප්රමුඛ කණ්ඩායම පරාජය කිරීමට නම් එජාප විරෝධී බලවේග එකම පෙරමුණකින් තරග කළ යුතුයි 🕔2019-02-20
- රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අස්සන සමඟ උප්පැන්න සහතිකය භාෂා ත්‍රිත්වයෙන්ම 🕔2019-02-20
- අතීතය නමැති තුවාලය පාරමින් වෛර කර පලක් නෑ 🕔2019-02-20
- අර්ජුන මහේන්ද්‍රන්ට මෙන්ම මධුෂ්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව මැළිකමක් දක්වනවා 🕔2019-02-20
- දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ 🕔2019-02-20
- පසුගිය වසර තුළ පොල් රට පැටවීමෙන් බිලියන 95ක ආදායමක් 🕔2019-02-20
- යක්කුරේ කනිටු විදුහලේ ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි 🕔2019-02-20
- දරුවෝ සුරකිමු 🕔2019-02-20
- උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ආ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා සහ ධීවරයන් තවදුරටත් මෙරට අත්අඩංගුවේ 🕔2019-02-20
- 2018 වසරේ අලි මරණ 311ක් 🕔2019-02-20
- පලාලි සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාව හා පලාලි අතර වූ ගිවිසුම වෙනස් කිරීමට තීරණ 🕔2019-02-20
- රජයේ විධායක නිලධාරීන් 27දා සංකේත වර්ජනයක 🕔2019-02-20
- සිමෙන්ති කොට්ටය රු. 100කින් ඉහළට 🕔2019-02-20
- උ.පෙළ - 2019 අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනයන් ප්‍රකාශයට පත්කෙරේ 🕔2019-02-20
- ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා සතොස නිලධාරියකු පැහැර ගත් හය දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග 🕔2019-02-20
- මවට පිහියෙන් ඇන ඇතැයි සිතූ තරුණ බිරිය සැමියාට පොරොවෙන් කොටලා 🕔2019-02-20
- අවිවාහක තරුණියකට උපන් දරුවා හදාවඩා ගන්නට වෙනත් මවකට දීලා 🕔2019-02-20