ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

  👤  2040 readers have read this article !
Published by : MB WEB 2018-07-16 12:26:26

මධ්‍ය කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ අද (16) අලුයම සිට ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.

තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්යංක්‍රිය විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔය ප්‍ර දේශයේ පදිංචිකරුවන් සහ එම ඔයේ ජලය පරිහරනය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම විදුලිබලාගාර ඉංජිනේරුවන් පැවසීය.

අධික වර්ෂාවත් සමගම මධ්‍යම කදුකරයේ ප්‍රධාන මාර්ග සියල්ලකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

මිදුම් පවතින හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon