මට තරහ ගියොත්

  👤  2609 readers have read this article !
Published by : MB WEB 2018-07-19 14:38:32

තරහ සාමකාමීව නිවා ගන්නවා - ධනුක දිල්ශාන්

ඇත්තටම මට නම් තවම හරියටම තරහ ගිහින් නැහැ. මට මාත් එක්කත් තරහ යන්න පුළුවන්. හැබැයි ඉතින් කවුරුහරි වැරැද්දක් කළොත්, සමාජ විරෝධී දෙයක් කළොත් මට තරහ යනවා. ඒත් ඉතිං ඒ තරහ බොහොම සාමකාමී විදියට නිවාගන්න මම කැමැතියි. සිතිවිල්ලකින්වත් කාටවත් කරදරයක් නොවෙන විධියට ප්‍රශ්න විසඳගන්න ඕනෙ.

තරහ ගිහින් කියන දේවලට අනෙක් අයගේ හිත රිදෙනවා - අකිල ධනුද්ධර

මට නම් සෑහෙන්න තරහ යනවා. විශේෂ හේතුවක් නැහැ. මට අවුරුදු 16 විතර වෙනකම් ගොඩක් තරහ ගියා. අපෙ අප්පච්චි කියලා තියෙන්නෙ "මට තරහ යනවා" කියලා නිතරම මතුර මතුර ඉන්න එපා කියලා. එතකොට අපි ඒක ඇතුළේ ජීවත් වෙනවලු. අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපිට තරහ ගිහින් ඉන්නෙ කියලා. ඒ වගේ වෙලාවට මම කියන දේවල්වලට අනෙක් කෙනාගෙ හිත රිදෙනවා. ඒත් ඉතිං මම ඇත්ත කියන්නෙ. කොහොම හරි තරහ ගියාම සන්සුන් වෙන්න ඕන. මොකද තරහ ගියාම ගන්න තීරණයට වඩා සන්සුන්ව ඉද්දි ගන්න තීරණය නිවැරැදියි.

ගොඩක් තරහ ගියාම අඬනවා - ඕෂධි හිමාෂා

ඇත්තටම ගොඩක් තරහ යන කෙනෙක් මම. මොකද මම අවංකයි. කවුරුහරි බොරුවක් කරලා අහුවුණොත් මට ගොඩක් තරහ යනවා. ඒ වගේ වෙලාවට මම ඉතිං ගොඩක් අඬනවා.

මට දැන් කේන්ති ගන්න වෙලාවක් නැහැ - ගයාත්‍රි ඩයස්

ඇත්තටම කිසිම ඇත්තක් නැතිව නොදන්න දේවල් ප්‍රචාරය කරනවට මට ගොඩක් තරහා යනවා. හැබැයි ඉතිං මම ඒවට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ. ඒ දවස්වල වගේ මට දැන් කේන්ති ගන්න වෙලාවකුත් නැහැ.

ඉස්සර තරහ ගියාම ෆෝන් පොළොවේ ගහනවා - ශාලිකා එදිරිසිංහ

සාමාන්‍යයෙන් ජීවිතයෙදි ඕනම කෙනකුට තරහා යනවා. ඒත් මට නම් එහෙම ලේසියෙන් තරහ යන්නෙ නැහැ. හැබැයි මම බොරු කරනවට කැමැති නැහැ. ඒ වගේ වෙලාවට ඉතින් තරහ යනවා. මම තරහ ගියාම බලනවා මොකක්ද ඇත්තටම වුණේ කියලා. ඉස්සර නම් මම Phone එක බිම ගහලා තියෙනවා. ඒත් දැන් නම් ඒ වගේ මෝඩ වැඩ කරන්නෙ නැහැ.

කේන්ති ගියාම මොනවා හරි කරනවා - ගයේෂා පෙරේරා

මට නම් සාමාන්‍යයෙන් අසාධාරණයකදී කේන්ති යනවා. ඒ වෙලාවට මොනව හරි දෙයක් කරන්න පුළුවන් නම් කරනවා. එහෙම බැරි වුණොත් කේන්තිය ඉවර වෙනකම් කල්පනා කරනවා මොකක්ද කරන්නෙ කියලා.

 

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon