ETF ඵලදායි මාර්ගෝපදේශය එළිදැක්වීම සඳුදා

  👤  1224 readers have read this article !
Published by : MB WEB 2018-07-14 13:27:15

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය (ETF) විසින් ඵලදායි මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීම එළඹෙන සඳුදා (16) දින සිදු කිරීමට නියමිතය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සෑම අංශයකම සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායිව ඉටු කිරීම වෙනුවෙන් එම අංශ විසින් අනුගමනය කළ යුතු උපමාන මෙම සංග්‍රහයේ ඇතුළත් වෙයි.

මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පෙ.ව.11.00ට කම්කරු මහලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon