'ටජ්මහල' රකින්නැයි ශේ‍ර්ෂ්ඨාධිකරණය ඉන්දීය රජයට කියයි

  👤  1394 readers have read this article !
Published by : MB WEB 2018-07-13 15:03:55

ඉන්දියාවේ මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය ටජ්මහල ආරක්ෂා කර ගැනීම සඳහා අසමත් වී ඇති බවද එය රැකගැනීම සඳහා ගෙන ඇති පියවරයන් වහාම ඉදිරිපත් කරන ලෙස ඉන්දීය ශේ‍ර්ෂ්ඨාධිකරණය අවධාරනය කරයි.

ටජ්මහලට වර්තමානයේ දී උදාවී ඇති තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කරන ලද පෙත්සමක් පිළිබඳව සිදුකරන ලද විභාගයකදී එලෙස ප්‍රකාශ කර තිබේ.

දිනකට දේශීය සහ විදේශීය සංචාරකයන් හැත්තෑ දහසකට අධික පිරිසක් මෙම ස්ථානය නැරැඹීමට පැමිණෙන බවද එසේම ලොවම ආකර්ෂණය දිනාගත් ස්ථානයක්ද වන බැවින් ටජ්මහල ආරක්ෂා කිරීම සඳහා දේශීය වශයෙන් නොහැකි නම් විදේශීය උපකාර ලබාගෙන හෝ එහි ආරක්ෂාව සඳහා වහාම ක්‍රියා කරන ලෙස දන්වා ඇතැයිද මාධ්‍ය පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon