දියබුබුල ආරුක්කු පාලම අවදානමක

  👤  2104 readers have read this article !
Published by : MB WEB 2018-07-13 07:12:48

මාතලේ -
හේවා පී. කරුණාරත්න

වසර දෙසීයකට වැඩි ඉතිහාසයක් ඇති ඉංගී්‍රසි ජාතිකයන් විසින් ඉදි කළ මාතලේ දියබුබුල ආරුක්කු පාලම ගරා වැටීමේ අවදානම ඇතිව තිබේ. 1848 නිදහස් කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන්අප්පු ඇතුළු විරුවන් ජීවග්‍රහයෙන් අල්ලාගත් ඉංග්‍රීසි ජාතිකයන් මෙම පාලම ඔස්සේ මැක්ඩෝවල් බලකොටුවට පා ගමනින් ගිය බවද ඉතිහාසයේ සඳහන් වේ.

සිංහලේ විරුවන් කීපදෙනකු ඉංගී්‍රසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙම පාලමෙන් පැන ජාතියේ නාමයෙන් දිවි පුදා ඇති බවටද තොරතුරු ඇති බව මාතලේ පුරාවිද්‍යා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පවසයි.

1940 පුරාවිද්‍යා ආඥා පනතට අනුව යම් ස්ථානයක ස්මාරකයක් තිබේ නම් යාර 400ක සීමාවේ ඉදි කිරීම් කළ නොහැකි බවට නීතියක් ඇති නමුත් මෙම ඓතිහාසික පාලමේ පිවිසුමේම ඉදි කිරීම් සිදුව ඇති බව පෙන්වා දෙන ස්ථානාධිපතිවරයා මෙකී පාලම ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය, උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරිය පවා බැහැරවීම පාලමේ විනාශයට හේතුවී ඇති බව පැහැදිලි කළේය. ඒ අනුව ඓතිහාසික ස්මාරකය ආරක්ෂා කර ගැනීමට පොලිසියේ මැදහත්වීම ලබාදෙන බවද වසන්ත කුමාර මහතා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon