තෙබුවන පාරේ කොටසක් කළු ගඟට සේදී යෑමේ අනතුරක්

  👤  1804 readers have read this article !
Published by : MB WEB 2018-07-13 06:43:07

‍ෙදාඩන්ගොඩ - රංග දර්ශන

තෙබුවන පැලපිටියගොඩ හරහා නාර්තුපාන දක්වා කළු ගඟට සමාන්තරව දිවෙන මාර්ගය කළු ගඟට සේදී යෑමේ අවදානමක් මතුව තිබේ. පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟම ගං ඉවුරු කඩා වැටීමෙන් යාබදව දිවෙන මාර්ගය ආසන්නයේම පස් කණ්ඩි ගඟට සේදී ගොස් අවදානම් තත්ත්වයක් මතුව ඇත.

මෙම මාර්ගයේ ගමන් කිරීමද අවදානම් තත්ත්වයක් මතුව ඇත්තේ ගඟ සහ මාර්ගය මායිමේ ආරක්ෂිත බැම්මක් හෝ නොමැති නිසා යැයි මාර්ගයේ ගමන් කරන රියැදුරෝ ප්‍රකාශ කරති. රාත්‍රි කාලයේ වීදි පහන් ආලෝකය නොමැති වීම නිසාද මෙම අවදානම් තත්ත්වය තවදුරටත් වැඩි වී ඇත. මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කොට මෑතකදී සංවර්ධනය කරන ලද මාර්ගය සේදී යෑම වැළැක්වීමටත් ජනතාවගේ ආරක්ෂාව සඳහාත් ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon