පිටමාරුව පාරේ මරු වළවල් හෑරේ

  👤  1939 readers have read this article !
Published by : MB WEB 2018-07-13 06:18:04

මීගහකිවුල _ රුවන් කුමාර

පස්සර _ පිටමාරුව මාර්ගයේ රාගලවත්ත දක්වා වූ කිලෝමීටර් දහයක පමණ දුරක් ගල් ගැලවී
වළවල් හෑරී දැඩි ලෙස අබලන් වී ඇතැයි මාර්ගය පරිහරණය කරන්නෝ පවසති.

වසර ගණනාවක් තිස්සේ මාර්ගය නිසි නඩත්තුවකට ලක් නොවීම මීට හේතුව බව මාර්ගයේ යන එන්නෝ පවසති.

මේ හේතුවෙන් එම මාර්ගය දෙපස මීගහකිවුල, ලුණුගල හා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමේ පිහිටි රෝබේරිය, පිටමාරුව, එලමාන, රාගල ආදී ගම්මානවල වෙසෙන පාසල් සිසුන් ඇතුළු පවුල් 400ක පමණ පිරිසක් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිතැයිද ඔවුන් පවසයි.

මාර්ගයේ බොහෝ ස්ථානවල මාර්ගයට අතුරන ලද ගල් තාර තට්ටු ගැලවී ඉවත් වී ඇති අතර විශාල
වළවල් ඉදි වී තිබේ. මාර්ගයේ බෝක්කු හා පාලම් ආදියද දැඩි සේ අබලන්ව ඇති අතර සුළු වර්ෂාවකදී පවා මාර්ගය මඩ ගොහොරුවක් බවට පත්වන බවද ජනතාව පවසති.
මාර්ගය අබලන් වීම හේතුවෙන් මෙහි ප්‍රවාහන සේවාවන්ද ඉතා දුර්වල මට්ටමක පවතින අතර මාර්ගයේ ගමන් ගන්නා එකම බස් රථයද නිරතුරුවම ආපදාවන්ට ලක්වන බව ජනතාව පවසති.

මේ හේතුවෙන් මෙම මාර්ගය දෙපස පිහිටි ගම්මානවල වෙසෙන පාසල් සිසුන්ට තම පාසල් වෙත යෑම සඳහා පා ගමනින් සැතපුම් ගණන් යෑමට සිදුවන බවද ඔවුන් පෙන්වා දෙති.
මෙම ගම්මානවලට පැමිණීමට ඇති එකම මාර්ගය මෙය වන බැවින් මෙම මාර්ගය හැකි විගස පිළිසකර කරදීමට රජයේ අවධානය යොමුකර දෙන්නැයි ප්‍රදේශයේ ජනතාව රජයෙන් ඉල්ලති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon