රංගනත් ක්‍රිකට් පිටියෙන් සමුගන්නට යයි

  👤  1271 readers have read this article !
Published by : MB WEB 2018-07-11 13:18:01

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස සැලකෙන වමත් දඟ පන්දු යවන රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. දකුණු අප්‍රිකාව සමඟ හෙට ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවත් නොවැම්බර් මස එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඔහු ටෙස්ට් දිවියට සමුදීමට තීරණය කර ඇති බවත් තවදුරටත් පැවැසේ.

තවද 2016 වසරේදී එක්දින ක්‍රිකට් දිවියට සමුදුන් රංගන හේරත් මේ වන විට ලොව වමත් පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් බිඳහෙළා ඇති ක්‍රීඩකයාගේ වාර්තාවටද හිමිකම් කියන අතර ඔහු ටෙස්ට් තරග 90කදී ශ්‍රී ලංකාව නියෝජනය කර කඩුලු 418ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා මෙන්ම ලොව විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දුවෙන් ශක්තිමත් කළ ක්‍රීඩකයා රංගන හේරත් වීමද විශේෂත්වයකි. කෙසේ වෙතත් මේ වන විට 40 හැවිරිදි රංගන හේරත් පසුගිය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වූ අතර ඔහු මේ වන විට සම්පූර්ණ සුව තත්ත්වයට පැමිණ ඇති බවද වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon