පදවි ශ්‍රී පුර යාය 10 හරහා දිවෙන පාර වසර ගණනාවකින් පිළිසකර කර නෑ

  👤  1699 readers have read this article !
Published by : MB WEB 2018-07-11 06:53:25

මඩුකන්ද - දීපාල් බණ්ඩාර

පදවිය හා ශ්‍රී පුර යාය 10 හරහා ගමන් කරන ප්‍රධාන මාර්ග දැඩි ලෙස අබලන්ව ඇත. මේ වන විට පා ගමනින්වත් ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. සංවර්ධන කමිටු කිහිපයකටම යෝජනා ඉදිරිපත් කර ඇතත් බලධාරීන් තවමත් ඉදිකිරීම් කර නැතැයි ප්‍රදේශවාසීන් පවසයි.

මාර්ගය අබලන් වීම නිසා පදවිය ප්‍රදේශය හා ශ්‍රී පුර ප්‍රදේශ අතර ගමනාගමනයට ඉතා දුර මාර්ගයක් වන පරාක්‍රමපුර හරහා මාර්ගය භාවිත කිරීමට සිදුව ඇත. ගිලන් රථ පවා ඒ හරහා ගමන් කරයි. රෝගීන් පදවියට හා අනුරාධපුර රෝහල් වෙත රැගෙන යෑමේදී
දුෂ්කරතා මතුවන බව එම ප්‍රදේශයේ වැසියන් පවසයි.

ඇතැම් දේශපාලන හිතවතුන්ගේ බලපෑම් මත මාර්ගය ප්‍රතිසංස්කරණයට වෙන්වන මුදල් වෙනත් ව්‍යාපෘති සඳහා යොදවයි.

ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලින් වෙනත් ව්‍යාපෘති යෝජනා ස්ථීර කිරීමට ප්‍රතිපාදන වෙන්වන බවත් මාර්ගය ප්‍රතිසංස්කරණයට මුදල් නොමැති බවත් ප්‍රාදේශීය සභා නියෝජිතයන් පවසයි.

මෙවර සංවර්ධන කමිටු ව්‍යාපෘති යෝජනාවලටද මාර්ග ප්‍රතිසංස්කරණය යෝජනා කර ඇතත් ප්‍රතිපාදන නොමැති වීමෙන් එය ප්‍රමාද වී ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon