ජාත්‍යන්තරය ජයගත් ආණමඩුව මැදි විදුහලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර

  👤  1188 readers have read this article !
Published by : MB WEB 2018-07-10 06:39:23

පොතුහැර _ එම්.ජේ. මොහමඩ්

ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගි වූ ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් ඉකුත්දා එම විද්‍යාලයේදී පැවැති අතර වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා එහි විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගි විය.

වියට්නාමයේ පැවැති අවුරුදු 19න් පහළ කනිෂ්ඨ බාලිකා වොලිබෝල් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවන්ට මෙන්ම අවුරුදු 19න් පහළ බීච් වොලිබෝල් සංචිතයට අනුයුක්ත ක්‍රීඩිකාවන්ටද මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි. අවුරුදු 19න් පහළ දුර පැනීම ජයගත් ක්‍රීඩකයන්ද මෙහිදී සම්මානයට පාත්‍රවූ අතර ක්‍රීඩා පුහුණුකරු එම්.එස්. විමලවීර මහතාටද සම්මාන හිමිවිය. අමල් මායාදුන්න සහ සන්ධ්‍ය කුමාර රාජපක්ෂ යන පළාත් සභා මන්ත්‍රිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon