කොමඩි චරිත කලාට මිහිර සැබෑ ජීවිතයේදී සීරියස්

  👤  2476 readers have read this article !
Published by : MB WEB 2018-07-12 10:43:56

මිහිර සිරිතිලක කියන්නේ වේදිකාවෙන්, රිදී තිරයෙන් වගේම පුංචි තිරයෙනුත් අපිට දැකගන්න පුළුවන් දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුව අපි වැඩිපුරම දකින්නේ හාසේ‍යා්ත්පාදක චරිතවලින්. හැබැයි ඔහු සැබෑ ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න අපි ඔහුගේ බිරිය ගීතිකා මධුරංගි සමඟ කතාබහක යෙදුණා.

පෙම්වතා කාලේ

මටයි මිහිරටයි ලොකු කාලයක් තිබුණෙ නෑ පෙම්වතුන් විදියට ආශ්‍රය කරන්න. යාළුවෙලා පොඩි කාලයකින් අපි විවාහ වුණා. ඒ කාලෙත් පෙම්වතෙක් විදියට එයාගෙ බොරු වැඩ තිබ්බෙ නෑ.

සැමියෙක් විදියට

මිහිරත් එක්ක යාළු වෙලා හිටිය කාලේ එයා ලොකුවට ෆීල්ඩ් එකේ වැඩ කළේ නෑ. දැන් හැබැයි ගෙදර ඉන්න වෙලාව අඩුයි. හැබැයි මොනවා කළත් කන්න ගෙදර එනවා. කොහෙ ගියත් එයාට ගෙදරින් කෑවේ නැත්නම් හරියන්නේ නෑ.

නිවෙසේදී වැඩිපුරම කාලය ගත කරන්නේ කොහොමද?

ෆිල්ම්ස් බලන්න කැමැතියි. මිහිර ගෙදර ඉන්නවා නම් අපි දෙන්න එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් කොහෙන් හරි කාලා එනවා.

මිහිරට දුකක් දැනුණම

දුකක් ආවම ඔක්කොම අතඅරිනවා. පැත්තකට වෙලා ඉන්නවා. කාත් එක්කවත් කතා කරන්න කැමැති නෑ.

සතුටක් දැනුණම

සතුටක් දැනුණම ලොකු දෙයක් කරන්නෙ නෑ. මට කෝල් කරලා කියනවා.

මිහිරට නැතිවම බැරි අය

මාත් එක්ක තියන සම්බන්ධය වැඩියි. මිහිර අම්මටත් ගොඩාක් ආදරෙයි. දවස් දෙක තුනකට සැරයක් අම්මත් එක්ක කතා කරනවා.

ළඟම යාළුවෝ

චින්තක පීරිස් තමයි ක්‍ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ. ඉස්සර ඉඳන්ම ක්‍ෂේත්‍රයේ අයව ගොඩාක් ළඟින් ඇසුරු කරන්නේ නෑ. දුකක් කරදරයක් වුණාමත් ළඟින්ම ඉන්න යාළුවෝ ටිකදෙනෙක්ට තමයි කියන්නේ.

යාළුවෝ අතරේදී මිහිර

මිහිර යාළුවෝ අතරේදී හරිම විනෝදයෙන්, සැහැල්ලුවෙන් ඉන්නවා. හරිම කැමැතියි යාළුවෝ ආශ්‍රය කරන්න.

මිහිර වෙන කෙනකුගෙන් බලාපොරොත්තු වෙන ගුණාංග

එයා වෙලාවට වැඩ කරන කෙනෙක්. ඒක නිසා මිහිර කැමැතියි අනෙක් අයත් වෙලාවට වැඩ කරනවා නම්. හරියට වෙලාවට අවශ්‍ය දේ වුණේ නැති වුණාම මිහිරට කේන්ති යනවා.

කැමැතිම කෑම

ගමේ කෑමවලට තමයි වැඩිපුරම කැමැති. පොල් සම්බෝල, කරවල තෙල් දාලා, වම්බටු වගේ දේවල්වලට ආසයි. වම්බටු කිරට හදලා කන්න ගොඩාක්ම ආසයි. අල, පරිප්පු වගේ දේවල් කන්න පොඩ්ඩක්වත් කැමැති නෑ.

අපි නොදන්න රහස්

මිහිරට සමහර වෙලාවට ගොඩාක් කේන්ති යනවා. මිහිර රඟපෑම් කළත් චිත්‍ර අඳින්න හරි ආසයි. ළමයින්ට උගන්වලා ඒකෙන් ලොකු තෘප්තියක් ලබනවා. පොත් ලියන්නත් දක්ෂයි. කොමඩි චරිත රඟපෑවට මිහිර හරිම සීරියස් විදියට ජීවත් වෙන කෙනෙක්.

උදාර ඉන්දීවරි ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon