ජපානයේ ජල ගැල්මෙන් හා නාය යෑමෙන් 70ක් මිය ගිහින් 44ක් අතුරුදන්

  👤  1289 readers have read this article !
Published by : MB WEB 2018-07-09 13:00:01

ජපානයේ බටහිර ප්‍රදේශයේ ඇතිවූ ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වූ පිරිස හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයන් හතළිස් හතරදෙනකු අතුරුදන් වී ඇතැයිද ජපාන ආපදා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කරයි.

ජල ගැලීම් හේතුවෙන් මිලියන තුනකට අධික ජනතාවක් අවතැන් වී ඇතැයිද වාර්තා සඳහන් කරයි. නිවාස දහස් ගණනක්ද ජලයෙන් යටවී ඇති අතර එයින් නිවාස එකසිය පනහකට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශවී ඇති බවද වාර්තා වෙයි.

 

ගංවතුර තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන් සහ නාය යෑම් සිදුවීම හේතුවෙන් මිලියන හතරකට ආසන්න පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස නියෝග ලබාදුන් බවද ජීවිතාරක්‍ෂක සේවා සැපයීම සඳහා පොලිස් සහ සහන කටයුතු සැපයීම සඳහා හමුදා, පොලිස් සහ ගිනි නිවන භටයන් පනස් හතර දහසක් යොදවා ඇතැයි ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග සහ මාර්ග මතට ගස් කඩා වැටීම හේතුවෙන් මාර්ග විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බවද ඒ හේතුවෙන් සහන සැපයීම සඳහා හෙලිකොප්ටර් සහ බෝට්ටු යෙදවීමට කටයුතු කර ඇතැයිද ජපාන නාවික හමුදාව පෙන්වා දෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon