පිනට වැඩ කර කෝටි ගණනින් උඩ ගිය රන්බීර්

  👤  1271 readers have read this article !
Published by : MB WEB 2018-07-06 17:17:18

සන්ජේ දත්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වන Sanju චිත්‍රපටය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙනවා. තාමත් Sanju චිත්‍රපටය තිරගත වෙලා නැති වුණත් සංජේ දත්ගේ චරිතයට පෙනී සිටින රන්බීර් කපූර්ගේ රංගන හැකියාවන් හැමෝගෙම ඇගයීමට ලක්වෙන්නේ ඔහු ඒ වෙනුවෙන් කළ කැපවීම නිසායි. කොහොම වුණත් රන්බීර් මේ චරිතයට කෝටි 25ක් අය කරන බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ වුණත් රන්බීර් මුලින්ම බොලිවුඩයට පා තැබූ 'Saawariya' චිත්‍රපටයේ රංගනයට නම් ඔහු කිසිම මුදලක් අය කරලා නැහැ.

2007 වසරේ Saawariya චිත්‍රපටයෙන් බොලිවුඩයට පැමිණියත් රිෂී කපූර්ගේ පුත් වන රන්බීර් ඔහුගේ පළමු චිත්‍රපටයට කිසිම අය කිරීමක් නොකිරීම හැමෝගෙම පුදුමයට කාරණයක් වුණා. ඔහු මේ ගැන කිව්වේ මාධ්‍ය සාකච්ඡාවකදීයි. අද වන විට බොලිවුඩ් තරු අතර ඉහළින්ම සිටින තරුවක් වන රන්බීර් තමන්ගේ චරිතයට උපරිමයෙන්ම කැපවෙන අයෙක්. ඒ වගේම කපූර් පවුලෙන් සිනමාවට පැමිණි රන්බීර් හරිම නිහතමානීව හා කැපවීමෙන් තමන්ගේ වෘත්තියේ නිරත වන නිසා ඔහු ගැන හැමෝම කතා කරන්නේ හරිම ප්‍රසාදයකින්.

ශාලිකා රංගනි සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon