අගෝස්තු 1 හා 2 රාජකීය ගොල්ෆ් පිටියේදී

  👤  1022 readers have read this article !
Published by : MB WEB 2018-07-06 13:04:52

සඳරු පෙරේරා

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය ඩ්ඉඕඛ් හා එක්ව දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර කනිෂ්ඨ ගොල්ෆ් ශූරතා තරගාවලිය ලබන අගෝස්තු මස 1 වැනිදා හා 2 වැනිදා කොළඹ රාජකීය ගොල්ෆ් සංගම් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලියට පාකිස්තානය, ඉන්දියාව, මලයාසියාව හා තායිලන්තය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන බව මෙයට අදාළව පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය වූ අතර අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ සභාපති ගුවන් හමුදා ප්‍රධානි මාෂල් හර්ෂ අබේවික්‍රමද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම තරගාවලිය හා සමගාමීව කනිෂ්ඨ ගෝල්ෆ් කණ්ඩායම් ශූරතා තරගාවලියක්ද පැවැත්වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් පසුගිය තරගාවලියේදී දක්ෂතා දැක්වූ බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගි නොවන බවද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. තවද මෙම ජාත්‍යන්තර තරගාවලියට අමතරව ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමේ අරමුණින් අවුරුදු 8ත් 13ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 'ෆියුචර් ලයන්ස්' නමින් වැඩසටහනක්ද ඩ්ඉඕඛ් විසින් පවත්වනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon