21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය බ්‍රසීලය 18වැනි වරටත් අර්ධ අවසන් පූර්ව වටයට

  👤  1035 readers have read this article !
Published by : MB WEB 2018-07-03 15:30:51

රුසියාවේ පැවැත්වෙන 21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ඊයේ (02දා) මෙක්සිකෝවට එරෙහිව ගෝල 2-0ක් ලෙස පහසු ජයක් ලැබූ බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 18 වැනි වරටත් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

සමාරා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු භාගයේදී කිසිදු ගෝලයක් ලබාගැනීමට කණ්ඩායම් දෙකටම නොහැකි වුවද තරගයේ 51 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ නේමාර් ද සිල්වා බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලයේ හිමිකරුවා බවට පත්විය. ඉන් අනතුරුව තරගය නතර කිරීමට විනාඩි කිහිපයක් තිබියදී එනම් 88 වැනි විනාඩියේදී ක්‍රියාත්මක වූ රොබර්ටෝ ෆර්මිනෝ බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලයද සටහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට බ්‍රසීලයත් සමඟ උරුගුවේ, ප්‍රංශය, රුසියාව හා කේ‍රායේෂියාව අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා සිටී. එහිදී උරුගුවේ කණ්ඩායම ප්‍රංශය සමඟත්, සත්කාරක රුසියානු කණ්ඩායම කේ‍රායේෂියාව සමඟත් අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වදින අතර, ඊයේ ජයග්‍රහණය ලැබූ බ්‍රසීල කණ්ඩායම ජපානය හා බෙල්ජියම අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතව ඇත.

මේ අතර අවසන් කණ්ඩායම් 16 වටයේ සිවු වැනි තරගය ලෙස පෙරේදා පැවැති කේ‍රායේෂියා - ඩෙන්මාර්ක තරගයත් නියමිත කාලය නිම වන විට දෙපිලම ගෝල 1 බැගින් සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් දඬුවම් පහර අනුව ගෝල 3-2ක ජයක් හිමිකරගන්නට කේ‍රායේෂියාව සමත් විය. ඒ අනුව කේ‍රායේෂියාව ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර සත්කාරක රුසියාව සමඟින් ඔවුන් (කේ‍රායේෂියාව) අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වැදීමට නියමිතය.

නිස්නි නොව්ගේ‍රාඩ් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ පළමු විනාඩියේදීම ඩෙන්මාර්ක ක්‍රීඩක මතියස් ජෝර්ගන්සන් ගෝලයක් ලබාගත් අතර 4 වැනි විනාඩියේදී කේ‍රායේෂියාව ක්‍රීඩක මාරියෝ මන්සූකිච් ගෝලයක් වාර්තා කළේය.

දෙවැනි අර්ධය නිම වන විටත් දෙපිලම ගෝල 1-1ක් ලෙස සම වීම නිසා තවත් අතිරේක කාලයක් විනිසුරුවන් ලබා දුන්නද එම කාලයේදීත් කිසිදු ගෝලයක් වාර්තා නොවීය. ඒ අනුව දඬුවම් පහර මඟින් ජය තීරණය කිරීමට එළැඹි අතර එහිදී කේ‍රායේෂියාව අවස්ථා 3කදී ගෝල සටහන් කළද ඩෙන්මාර්කයට ගෝල ලබාගැනීමට හැකිවූයේ අවස්ථා 2කදී පමණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon