දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක් කරන දේ මම එදා කළේ

  👤  2418 readers have read this article !
Published by : MB WEB 2018-07-05 17:40:39

පසුගිය දවසක ඔබේ නම අෑඳුණු සිදුවීම මොකක්ද? ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ?

පසුගිය 9 වැනිදා රාත්‍රි 7.30ට විතර මමයි මගේ පුතාලා දෙන්නයි, බිරියයි, එංගලන්තයේ ඉඳලා ආපු යාළුවෙකුයි එ‍ෙ¾ඩ්රමුල්ලේ සුපර් මාකට් එකකට ගියා. එංගලන්තයේ ඉඳලා ආපු යාළුවා තමයි අපිව එක්ක ගෙන ගියේ බඩු වගයක් ගන්න. විනාඩි දහයක් විතර යද්දී එතැනට මිනිස්සු දෙදෙනෙක් ආවා. ඒ දෙදෙනාගෙන් කෙනෙක් බැලූ බැල්මට කායවර්ධනය කරමින් ක්‍රමානුකූලව ඇඟපත හදාගත්ත කෙනෙක්. අනෙක් කෙනා තරමක් මිටි පුද්ගලයෙක්. මම මුලින් කිව්ව කෙනා මගේ ළඟට ඇවිත් තර්ජනාත්මකව බලලා අප්‍රසාදය පළ කරමින් මාත් සමඟ ද්වේෂයෙන් ඉන්න බවක් පෙන්නුම් කළා. පළමුවතාවට මම ඔහු දිහා බලලා අහක බලාගත්තත් මගේ අවාසනාවට මම ඔහු දිහා දෙවැනි වතාවටත් බැලුවා.

ඊට පස්සේ?

ඊට පස්සේ මම ඔහුගේ තරමක් සමීපයට ගිහින් ඇහුවා ඔබතුමා මාව දැනගෙනද ඔය බලන්නේ, නැත්නම් හඳුනගන්න බැරුවද, නැත්නම් ඇත්තටම ප්‍රශ්නයක්ද කියලා. ඔහු මට කියනවා 'මම උඹව දන්නවා. උඹ චීත්තයක්නේ, කියලා. එහෙම දෙයක් ජීවිතයට මට කිසිම කෙනෙක් කියලා නැහැ. ඒ කී දෙයින් මම දැඩි ලෙස ව්‍යාකූල වුණා. ඔහු නැවතත් මට කිව්වා "හැට්ටෙකුයි, චීත්තෙකුයි අන්දවලා උඹව එ‍ෙ¾ඩ්රමුල්ල හන්දියේ හිටවලා තියෙනවා" කියලා. එතකොට මට වෙන්න තියෙන මානසික අරගලය වෙලා ඉවරයි. මගේ දරුවෝ අහන්න ගත්තා ඇයි ඒ පුද්ගලයා එහෙම කියන්නේ කියලා. නොදන්නා පුද්ගලයෙක්. මීට පෙර ආශ්‍රය කර නැති පුද්ගලයෙක්, මට ජීවිතයේ පළමු වතාවට දැඩි ද්වේෂ සහගත ලෙස කතා කරද්දී මගේ මානසික මට්ටම බින්දුවටම වැටුණා.

ඒ කියන්නේ ඒ පුද්ගලයාව මීට කලින් ඔබ දන්න පුද්ගලයෙක් නෙවෙයිද?

මම ඔහුව දැක්ක ජීවිතයේ පළමුවැනි අවස්ථාව තමයි ඒ. ඒක මම වගකීමෙන් කියනවා.

මේ ප්‍රශ්නය දුරදිග ගියේ කොහොමද?

අර කියපු පුද්ගලයා මට ද්වේෂ සහගතව බනිද්දී මම ඇහුවා මම චීත්ත අඳින්න ලෑස්ති නැහැ. එහෙම චීත්ත අන්දන්න මොකද්ද හේතුව කියලා. එතකොට ඔහු මට කිව්වා 'මම හේතු කිය කිය ඉන්නේ නැහැ. උඹට කරලා පෙන්වන්නම්, කියලා. මගේ දරුවෝ මං ගැන මොනවා හිතනවාද දන්නේ නෑ කියලා මට හිතාගන්න බැරි වුණා. මම ආයෙත් ඔහුගෙන් පෙරැත්ත කරලා අහද්දී, මම කොටුපනින ඒවාට තමුසේ ගමේ පබ්ලිසිටි දෙනවා කියලා ඔහු මට චෝදනා කළා. ඒත් මම ඔහුට කිව්වා ඔයාට වැරැදිලා කියලා. මම හිතුවේ වෙන කෙනක් කියලා රැවටිලා මට බනිනවා කියලා. මම ඔහුට කිව්වා පොඩ්ඩක් හිතලා බලලා කතා කරන්න කියලා. ඔහු මට තර්ජනය කරලා යද්දී මම ඔහුගේ පස්සෙන් ගියා. එතකොට මගේ චූටි පුතා මට කිව්වා ඒ 'ජිම් අයියා' කියලා. එතකොට මට කතාව මතු වුණා. මොකද මම ඒ කෙනා ගැන අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ. මට එතකොට තේරුණා ඒක මොකක් හරි වැරැද්දක් කියලා. මේ පුද්ගලයා මගේ පිට පටවන්නේ වෙන කාගේ හරි වැරැද්දක් කියලා.

එහෙම වැරැද්දක් වෙලා නම් ඇයි එතැන ගැටුමක් ඇති වෙන්නේ?

මම ඔහු සමඟ සුපර් මාකට් එකෙන් එළියට ගියා. මගේ දරුවෝ දෙන්නත් මගේ පස්සෙන් ආවා. මම ඡ්යජභඵඥ ථඥ කියලා කතා කළා ඔහුට. එතකොට ඔහු ඔහුගේ මෝටර් රථයට ආසන්නයේ හිටියේ. ඔහු නැවතත් මට ආවේගයෙන් කතා කළා. මම ඔහුට තේරුම් කරන්න හැදුවා ඔහුට වැරැදීමක් වෙලා තියෙන්නේ කියලා. ඒත් ඔහු මට තර්ජනය කළා. මගේ ඉවසීමේ සීමාව පනිද්දි මම ඔහුට කිව්වා තමුසෙගෙ දේවල් හොයන්න මට වෙලා නෑ කියලා. මම බැන්නා. එතකොට ඔහුගේ කාර් එක ඇතුළේ ඉඳන් දෙන්නෙක් බැස්සා. ඒ කෙනෙක්ගේ අතේ හෙල්මට් එකක් තිබ්බා. අනෙක් කෙනා බෙල්ට් එක ගලවලා ගත්තා.

එතකොට අපිට ගහන්න යන්නේ කියලා දැනුණා. ජිම් අයියා කියන කෙනා මගේ ඇඟට පැනලා මාව ඇදලා ගනිද්දි මගේ ලොකු පුතා මැද්දට පැන්නා. එතකොට ඔවුන් මාව අතහැරලා පුතාව අල්ලගෙන පුතාව බිම දාගෙන ඔහු මගේ පුතාගේ පපුව උඩ නැඟලා වාඩි වෙලා පුතාගේ බෙල්ල මිරිකන ගමන් ඔහුගේ පාදයේ දණ හිසෙන් මගේ දරුවගේ පපුවට වැරෙන් පහරදුන්නා. ඉතිරි දෙන්නත් පුතාව මිරිකගෙන අල්ලගෙන හිටියා. මම ඒ වෙලාවේ ව්‍යාකූලව හිටියේ. මම උදවු ඉල්ලලා කෑ ගැහුවත් කිසි කෙනෙක් උදවු කළේ නැහැ.

ඔබ එතකොට මොකද කළේ?

මගේ පුතාව ඒ පුද්ගලයාගෙන් බේරා ගන්න මම ගලක්, පොල්ලක් හෙව්වා. එතැන එහෙම දෙයක් හොයා ගන්න බැරි වුණා. එතකොට මට මතක් වුණා කාර් එකේ ඉස්කුරුප්පු නියනක් තියෙනවා කියලා. මගේ වාසනාවට හෝ අවාසනාවට දරුවගේ වාසනාවට හෝ අවාසනාවට මට ඒක මතක් වුණා. මම ඒක අරගෙන ඇවිත් මගේ පුතාව මරන්න තැත් කරන මිනිහගේ පිටට ඇන්නා. එතකොට ඔහු දරුවව අතහැරියා. කවුද කෙනෙක් මගේ බෙල්ලට අතාදාලා මාව හයියෙන් අල්ලගත්තා. අතේ තිබ්බ ඉස්කුරුප්පු නියන ගත්තා. මම දැඩි ලෙස මානසික කම්පනයෙන් හිටියේ. මම කෙළින්ම මගේ දරුවව අල්ලගත්තේ. දරුවා විනාඩි දෙකක් විතර කතා නොකර හිටියේ. එතකොට අර පුද්ගලයාගේ අතට හෙල්මට් එකක් ලැබුණා. ඔහු මට වෙන්න ඕන ගැහුවේ. නමුත් මට වැදුණේ නැහැ. මගේ දකුණු පැත්තේ හිටපු චූටි පුතාගේ දකුණු නළලට වැදුණා. ඊට පස්සේ අර පහරදීපු අය ගියා. මම ගිහින් කඩවත පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පහුවදා මම මගේ රාජකාරිවලටත් ගියා මානසික ව්‍යාකූලත්වය එක්ක.

ඔබට බන්ධනාගාරගත වෙන්නත් සිද්ධ වුණා?

ඔව්. පසුගිය 11 වැනිදා නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් වුණා. ඊට පස්සේ මාවයි පුතාවයි එක දවසකට රිමාන්ඩ් කළා. නැවතත් ඊළඟ දවසේ කැඳවලා දවස් ගණනකට රිමාන්ඩ් කළා, ලෙඩා හොස්පිට්ල් හිටපු නිසා. බන්ධනාගාරගත වෙලා ඉඳලා පසුගිය 18 වැනිදා මම ඇප මත නිදහස් වුණා.

සන්නිවේදකයෙක් හැටියට සංවේදී මිනිහෙක් හැටියට මට මේ වෙච්ච දේ දරාගන්න හරි අමාරුයි. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නීතියේ පිහිට පතන්න වගේම මානව හිමිකම් කවුන්සිලයේ පිහිට පතන්න. මම මේක ජාත්‍යන්තරයටත් ගෙනියනවා.

ඔබව විවේචනය කරන පිරිසක් ඉද්දි ඔබ වෙනුවෙන් කතා කරන්නත් පිරිසක් හිටියා. ඔබට ඒ ගැන සතුටක් ඇති?

මුහුණු පොතේ හිටපු මගේ ආදරණීය රසිකයන්ට මම ස්තුතිවන්ත වෙනවා. මම බන්ධනාගාරගත වෙලා ඉද්දි ජීවිතේ අමුතු අත්දැකීමක් ලැබුවා. මම දැන් ජීවිතයේ පරිණතයි කියලා හිතනවා. ඒක වෙස්වළාගෙන ආපු ආශීර්වාදයක් වගේ. මට විරුද්ධව අදහස් පළ කළ කිසි කෙනෙක් එක්ක මම තරහා නෑ. ඒ අය හිතනවා නම් ඒ කරපු දේ නිවැරැදියි කියලා ඒ අය සතුටින් ඉඳියි. මම ඒ අය එක්ක තරහ නෑ. මේ ගැටුම තිබ්බ අය එක්කවත් මම තරහා නැහැ. මම දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක් කරන දේ කළේ. මට වැරැද්දක් කරන්න වුවමනාව තිබ්බේ නෑ.

මේ සිදුවීමට ඔබට චෝදනා නැඟෙද්දී ඔබ සේවය කරන නාළිකාව මොනවගේ ප්‍රතිචාරයක්ද ඔබට දැක්වූවේ?

මම සේවය කරන නාළිකාවේ සභාපතිතුමිය, අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම විධායක නිලධාරීන් මාව ශක්තිමත් කළා. වැටෙන්න එපා, ඒ සම්බන්ධ කරුණු කාරණා නිම කරගෙන තමන්ගේ කටයුතු ආරම්භ කරන්න කියලා ඔවුන් කිව්වේ. ඉනෝකා සත්‍යාංගනී මහත්මිය ඉතාම ළෙන්ගතුව මගේ ප්‍රශ්නය දිහා බලලා මගේ හයියට හිටියා.

'සිහිනයකි රෑ' එක්ක යන ගමන ගැනත් කියමු?

'සිහිනයකි රෑ' වැඩසටහන දිගටම කරගෙන යනවා. නවත්වන්න අවශ්‍යතාවක් නෑ ඒකට තියෙන ඉල්ලුමත් එක්ක. සුරම්‍ය රාත්‍රියෙන් පටන් අරගෙන සිහිනයකි රෑ දක්වා මම ආපු ගමන තුළ මට ආදරය කරපු ප්‍රේක්ෂකයෝ තමයි මාත් එක්ක හිටියේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
ඡායාරූප - කැලුම් චාමර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon