ඉතාලි විවාහ සැමරුම ස්ටෙෆ්නිගේ හීනයක්

  👤  1177 readers have read this article !
Published by : MB WEB 2018-07-07 14:22:54

කොහොමද දුෂ්‍යන්ත් අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා. විවාහයෙන් පස්සේ දැන් ලංකාවට ඇවිත් ඉන්නේ.

දුෂ්‍යන්්ත් - ස්ටෙෆ්නි තමන්ගේ ජීවිතේ විශේෂම දවස සමරන්නේ ඉතාලියේදී. විවාහ සැමරුම ලංකාවේදී සිදු නොකර ඉතාලියේදී කළේ ඇයි?

ස්ටෙෆ්නිගේ අම්මයි තාත්තායි විවාහ වුණෙත් අපි විවාහ වුණු ඉචද ඤධදචබධ පල්ලියෙමයි. ස්ටෙෆ්නිගේ අම්මාගේ නංගීට ඒ පල්ලිය එක්ක සෑහෙන සම්බන්ධතාවක් තියෙනවා. ඉතින් ස්ටෙෆ්නිට හීනයක් තිබ්බා එයාගේ විවාහය ඒ පල්ලියේම කරන්න. ඉතින් එයා මාව නෙවෙයි කාව බැන්දත් ඒ පල්ලියේ විවාහය ගන්න තමයි හිතාගෙන තිබුණේ. ඒකයි අපි විවාහය එහිදී සිදු කළේ.

ස්ටෙෆ්නිගේ අදහසට දුෂ්‍යන්්ත්ගේ විරුද්ධත්වයක් තිබුණෙම නැද්ද?

නැහැ. විවාහය කොහොමද සිද්ද වෙන්නේ කියලා හීන මවපු කෙනෙක් නෙවෙයි මම. ඉතින් මම එයාගේ අදහසට එකඟ වුණා.

විවාහ උත්සවය ඉතාලියේ ගත්ත නිසා හිතමිතුරන්ට ඉතාලි යන්න වුණා නේද?

ඔව්, අපේ යාළු මිත්‍රයෝ නෑදෑයෝ එකසිය පනහක් විතර හිටියා. ඉතාලියේ ඉන්න අයත් කසාද බඳින්න එන්නේ ලංකාවට. ඒ ඉතාලියට බොහෝ අයට යන්න බැරි නිසා. නමුත් අපිට ගැටලුවක් වුණේ නැහැ. මාවයි ස්ටෙෆ්නිවයි දන්න නිසා. අපිට තිබ්බේ විවාහ උත්සවයට එන අයගේ ලිස්ට් එක දෙන්න විතරයි. ලොකු ගාණක් දෙන්නම් කියලා සමහරු අපෙන් වෙඩින් ඉන්විටේෂන් ඉල්ලුවා. අපි ඒවා කළේ නෑ. අපි ගැන තිබ්බ විශ්වාසය අපි රැක්ක නිසා හිතමිතුරන්ට අපේ විවාහ උත්සවයට සහභාගි වෙන්න ඉතාලියට එන්න පුළුවන් වුණා.

ස්ටෙෆ්නිව දුෂ්‍යන්්ත්ට මුලින්ම මුණගැහෙන්නේ කොහොමද?

මුලින්ම මට එයාව මුණගැහෙන්නේ ෂෝ එකක බැක් ස්ටේජ් එකේදී. අරුණ සිරිවර්ධනගේ පුතායි දුවයි කරපු ප්‍රසංගයකට ස්ටෙෆ්නි ඇවිත් හිටියා. අරුණගේ දුවගේ ආසම කෙනා තමයි ස්ටෙෆ්නි. ඉතින් එදා තමයි අපි දෙන්නා හඳුනා ගත්තේ.

ඇයව තමන්ගේ ජීවන සහකාරිය විදියට තෝරා ගන්නත් විශේෂත්වයක් ඇය තුළ තිබෙන්න ඇති?

මගේ ජනප්‍රියත්වයට හෝ මගේ සින්දුවලට තියෙන ආසාව නිසා නෙවෙයි ස්ටෙෆ්නි මට කිට්ටු වුණේ. මං ගැන අහලා තිබ්බට එයාට මං ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. මොකද ඒ වෙනකොට එයා ලංකාවට ආපු ගමන්. මගේ කලා ජීවිතය තියෙන්නේ මගේ පෞද්ගලික ජීවිතය තියෙන තැන නෙවෙයි. මට ඉන්නේ සීමිත යාළුවෝ පිරිසක්. එයාලා මගේ රසිකයොත් නෙවෙයි. ඇත්තටම ස්ටෙෆ්නිව තෝරා ගන්න මට පහසු වුණේ එයා මගේ නමට ආදරය කරන මගේ ජනප්‍රියත්වයට ආදරය නොකරන කෙනෙක් වීම.

දැන්වත් ස්ටෙෆ්නි දුෂ්‍යන්්ත්ගේ රසිකාවියක් නෙවෙයිද?

එහෙම නෑ. එහෙම වෙන්නත් ඕනේ නෑ. මගේ අම්මා, මගේ අයියා, මගේ ෆෑන්ස්ලා නෙවෙයි. නමුත් දැන් ස්ටෙෆ්නි මගේ සින්දුවලට ආසයි.

මේ සැරේ දුෂ්‍යන්්ත්ගේ උපන් දිනය සමරන්න වුණෙත් ඉතාලියේම නේද?

ඔව්. අපි ඉතාලියේ හිටියේ ලස්සනම කාලෙක. අපි දින දහයක් විතර ඉතාලියේ හිටියා. හනිමුන් එකේදී තමයි උපන් දිනය දවස යෙදිලා තිබුණේ. ඉතින් ස්ටෙෆ්නියි මමයි මගේ උපන්දිනය සැමරුවා. විවාහයෙන් පසසේ සමරපු පළමු උපන් දිනය. ඒකත් සුවිශේෂි වුණා.

විවාහයත් එක්ක වගකීම් ගොඩක් එකතු වෙනවා. දුෂ්‍යන්්ත් වගකීම් සහගත කෙනෙක්ද?

ඔව්, මම කවදත් වගකීම් සහගතව හිටියා. ඒකයි අපිට කාගෙන්වත් මඩ වැදුණේ නැත්තේ.

ගොසිප් පළ වුණේ නැත්තේ. විවාහ ජීවිතයේත් වගකීම් තියෙනවා. වගකීම්වලට මුහුණ දෙන්න මට පුළුවන්. හිටියටත් වඩා හොඳට මට ජීවත් වෙන්න පුළුවන් වෙයි.

දැන් දෙන්නා දිගටම ලංකාවේ ඉඳියිද?

දැනට නම් අදහස තියෙන්නේ ලංකාවේ ඉන්න. දෛවය කොහොම වෙයිද දන්නේ නැහැ. ලංකාව අපිට සුදුසුද නැද්ද කියන එක මත ඉදිරියේදී අපි ලංකාවේ ඉන්නවාද නැද්ද කියන එක තීරණය වෙයි.

නිර්මාණ කටයුතු පැත්තෙන් අලුත් යමක් සිද්ධ වෙන්නෙ නැද්ද?

නිර්මාණ කටයුතු නම් ගොඩක් කරන්න තියෙනවා. නමුත් ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය වැටිලා තියෙන්නේ. ගායක ගායිකාවෝ කිහිප දෙනෙක් අතර අඬන සින්දු ටිකක් තියෙනවා. අපි සින්දු කළාට ඒවට කෝ වෙළෙඳපොළක්. ජනමාධ්‍ය දැන් විශ්වාස කරන්නේ කුණු තමයි හිට් වෙන්නේ කියලා. අපි සින්දු කළාට ගෙවලා තමයි අපිටත් සින්දු දාගන්න වෙන්නේ. සමහර නාළිකා මගේ හිට්ම සින්දු ර්ථීතචර කරලා නෑ. අර විදියට ආවොත් සින්දු නතචර කරනවා කියලා තමයි කියන්නේ.

එතකොට දුෂ්‍යන්ත්ගේ අලුත් ගීතයක් අහන්න ලැබෙන්නේ නැති වෙයිද?

මේ තියෙන තත්ත්වය එක්ක සින්දුවක් කරන්න අවශ්‍යම නෑ කියන තැන ඉන්නේ. අපි මේ ක්‍ෂේත්‍රයට ආවේ කැක්කුමක් තියෙන නිසා. අපි හම්බ කළාට වඩා කළේ වියදම් කළ එක. මේ තියෙන තත්ත්වය එක්ක සින්දු කරනවාද කියන එක ගැන හිතන්න වෙනවා.

රැල්ලට යන්න කැමැති නැද්ද?

මම කවදාවත් රැල්ලට ගිය කෙනෙක් නෙවෙයි. මම කරපු හැම සින්දුවක්ම එකකට එකක් වෙනස්. මම මටවත් රැල්ලක් හදා ගත්තේ නෑ. එහෙම එකේ මම ඔය යන රැලිවලට යන්නේ නෑ.

ච් - ඵබචප, කුරුම්බා බෑන්ඩ් එක්ක යන ගමන දිගටම යනවද?

ඔව්, බෑන්ඩ් දෙක නිසා තමයි මම ගොඩක් බිසී වුණේ. බෑන්ඩ්වලට වෙළෙඳපොළක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැඩකටයුතු කරගෙන ඉන්න පුළුවන්.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon