උදය ශ්‍රී ට කාන්තා ආකර්ෂණය තාමත් වැඩියිලු

  👤  1951 readers have read this article !
Published by : MB WEB 2018-07-03 11:01:33

පෙම්වතා කාලේ මොන වගේ
චරිතයක්ද?

අපි දෙන්නගේ සම්බන්ධයට පවුල්වල අය කැමැති වෙලා හිටියෙ නැහැ. එහෙම අකැමැති වුණත් කවදහරි අපි එකතු වෙයි කියන විශ්වාසය අපිට තිබුණා. 2006දී අපි දෙන්නා හොරෙන් විවාහය ලියාපදිංචි කළා. පස්සෙ ගෙදරින් කැමැති වුණා. ඒත් අපි ඒක එයාලට කිව්වේ නැහැ. දැන් නම් ඉතින් පවුලේ අය දන්නවා.

තාත්තා කෙනෙක් විදියට මොන වගේ චරිතයක්ද?

තාත්තා කෙනෙක් විදියට ඔහු පුදුම ආදරණීය චරිතයක්. මුල් තැන දෙන්නෙ පුතාට. මම හිතන්නේ මටත් වැඩිය පුතාට ආදරෙයි.

උදය ඔබට තියෙන ළැදිකම

එයා මට ඕනෙ දේ මටත් කලින් දන්නවා. හොඳට මාව තේරුම් ගන්න පුළුවන් චරිතයක්.

පවුලට තියෙන ළැදියාව කොහොමද?

එයා පවුලට නම් ගොඩක් ළැදියි. පවුල හින්දා එයාට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා.

යාළුවො අතරෙදි මොන වගේ චරිතයක්ද?

යාළුවො අතරදි ඇත්තට අවංක නිහතමානී කෙනෙක්.

උදය වැඩිපුර කැමැති මොන වගේ පුද්ගලයන්ටද?

එයා ඇත්තටම බොරු කරන අයට කැමැති නැහැ. එයාට ඇත්ත කියන්නම ඕනෙ. නැත්නම් එයාට තරහ යනවා.

ලොකු දුකක් දැනුණම මොකද කරන්නෙ?

ගොඩක් වෙලාවට මගෙත් එක්ක ඒ දුක බෙදා ගන්නවා. එයා ආගමානුකූලව තේරුම් ගන්නවා. එයත් මොනවහරි දෙයක් කරපු නිසානේ ඒ දුක එයාට ලැබුණෙ කියලා. අම්මලට එයා ඒවා කියන්නේ නැහැ. මොකද එයා කැමැති නැහැ එයාලා දුක් වෙනවට.

ලොකු සතුටක් ලැබුණම මොනවද කරන්නෙ?

හැමෝටම කලින් එයා ඒ සතුට මට කියනවා. ලොකු සතුටකින් ඉන්නවා නම් ඒක එයාගේ මූණෙන්ම පේනවා.

උදය විලාසිතාවලට තියෙන කැමැත්ත කොහොමද?

එයා විලාසිතාවලට ගොඩක් කැමැතියි. වැඩිපුරම කැමැති කොණ්ඩ විලාසිතාවලට. හැම එකක්ම ගළපලා අඳින්න වගේම ගැළපෙන විදියට සපත්තු පලඳින්නත් එයා කැමැතියි.

ඔහු තෑගි විදියට ලබන්න කැමැති මොනවද?

එයා කැමැති ආගමානුකූලව එයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් සී.ඩී. එකක්, පොතක්, ලින්ක් එකක්, වෙබ් සයිට් එකක් පිළිබඳ තොරතුරක් වගේ ඕනම දෙයක් ලැබෙනවට.

වැඩිපුරම තෑගි විදියට දෙන්න කැමැති මොනවද?

ගොඩක් වෙලාවට එයා ගිෆ්ට් වවුචර්ස් දෙනවා. මොකද අනිත් කෙනාගේ කැමැත්ත එයා හරියටම දන්නෙ නැහැනේ. අනිත් එක එයා තෑගි විදියට පුදුම කරවීම් කරනවා. මාව වුණත් ගොඩක් අවස්ථාවල පුදුම කරලා තියෙනවා.

වැඩිපුර ඇවිදින්න යන්න කැමැති තැන

එයා වැඩිපුරම කැමැති අනුරාධපුර රුවන්වැලි මහ සෑයට යන්න. ලෝකෙ කොහෙ ගියත් නිවාඩුවක් ලැබෙන හැම වෙලාවකටම වගේ එයා යන්න කැමැති රුවන්වැලි මහ සෑයට.

ජීවිතයේ විශේෂ පුරුදු මොනවද?

එයා කොහේ ගියත් උදේ නැඟිටිනකොට බුදුන් වඳිනවා. නිදා ගද්දිත් බුදුන් වැඳලා භාවනා කරලා තමයි නිදාගන්නේ. ගෙදරදී වුණත් බෞද්ධයා වගේ බොදු මාධ්‍ය බලනවා. එයා බුදු දහමට ගොඩක් ළැදි දැහැමි කෙනෙක්.

උදයට ලැබෙන කාන්තා ආකර්ෂණය කොයි වගේද?

බඳින්න කලින් නම් එයාට ෆෝන් එක තියන්න තියන්න එක දිගට කෝල්ස් එනවා. දැනටත් සෑහෙන්න ලොකු කාන්තා ආකර්ෂණයක් තියෙනවා ඉතින් එයාට.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon