බොර තෙල් උත්පාදනය ඉහළ දමන්න!

  👤  1069 readers have read this article !
Published by : MB WEB 2018-07-02 15:29:58

ලොව පුරා ඉහළ යමින් පවතින ඉන්ධන මිල පහත හෙළීම සඳහා සෞදි අරාබියාවේ තෙල් උත්පාදනය ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබියාවේ සල්මාන් රජුගෙන් ඉල්ලා ඇත.

ඉදිරියේදී දිනකට බොර තෙල් බැරල් මිලියන දෙකකින් උත්පාදනය ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටි බව ඩොනල්ඩ් ට්‍රම්ප් තම ට්විටර් ගිණුමෙහි සඳහන් කර තිබේ.
ඉරානයේ සහ වෙනිසියුලාවේ තෙල් උත්පාදනය අඩාල වීම හේතුවෙන් මෙලෙස තෙල් මිල ඉහළ ගොස් ඇත.

කෙසේ වුවද තෙල් මිල එකවරම ඉහළ යෑමට හේතු වූයේ ඇමෙරිකාව විසින් ඉරානයේ ප්‍රධානතම තෙල් උත්පාදන සමාගමට නැවත වතාවක් සම්බාධක පැනවීම බව බොර තෙල් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

මේ අතර බොර තෙල් වෙළෙඳපොළ වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනුයේ රුසියාවේ ඉල්ලීම මත ඔපෙක් සංවිධානයද බොර තෙල් උත්පාදනය ඉහළ දැමීම සඳහා එකඟතාව පළ කර ඇති බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon