ආධුනික අයෝමය ශූරයා තෝරන්නේ ජුනි 30

  👤  1254 readers have read this article !
Published by : MB WEB 2018-06-29 13:30:21

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ අධීක්ෂණය යටතේ 'ජිම් සොලියුෂන්ස්' ක්‍රීඩා සමාජය මඟින් සංවිධානය කරනු ලබන 2018 ආධුනික අයෝමය ශූරයා තරගාවලිය මෙම මස 30 වැනිදා (හෙට) පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ගාල්ලේ 'හෝල්-ඩි-ගෝල්' ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලිය සදහා කනිෂ්ඨ (වයස අවුරුදු 21න් පහළ) සහ විවෘත අංශයන්ගෙන්් බර පන්ති 10ක් යටතේ තරග පැවැත්වීමට නියමිතය. ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් කිලෝග්‍රෑම් 70 සහ කිලෝග්‍රෑම් 70ට වැඩි වශයෙන් ද විවෘත අංශය යටතේ කිලෝග්‍රෑම් 55 සිට 85 වැඩි බර පන්තිය දක්වා බර පන්ති 8ක් යටතේ තරග පැවැත්වේ.

පසුගියදා කොළඹදී මෙම තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැති අතර 2018 ආධුනික අයෝමය ශූරයා වශයෙන් සම්මාන දිනා ගන්නා ක්‍රීඩකයාට මුදලින් රුපියල් ලක්ෂයක් ද දෙවැනි ස්ථානයට රුපියල් හැත්තෑ පන් දහසක මුදල් ත්‍යාගයක් සහ තුන්වැනි ස්ථානය දිනා ගන්නා ක්‍රීඩකයාට මුදලින් රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීමට නියමිත බවද එහිදී අනාවරණය විය.

කෙසේ වෙතත් පවතින තැපැල් වර්ජනය හේතුවෙන් මෙම තරගාවලියේ ක්‍රීඩක ලියාපදිංචි කටයුතු ද එදින (30දා) උදෑසන 8.30 සිට සිදු කෙරෙන බවත් එදින ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන් උදෑසන 8.00ට 'හෝල්-ඩි-ගෝල්' ශාලාවට වාර්තා කළ යුතු බවත් ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පවසයි. මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර තරගාවලි සංවිධායක ඉන්දික ප්‍රනාන්දු මහතා (අංක _ 0777047135) අමතා ලබා ගත හැකිය.

ඡායාරූපය _ කැළුම් චාමර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon