යොවුන් ඔලිම්පික් තරගාවලියට යන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමට හසිනි පමණයි

  👤  1374 readers have read this article !
Published by : MB WEB 2018-06-28 13:46:56

 

මේ වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ආජන්ටිනාවේ බුවනෝෂ්අයිරිස්හිදී පැවැත්වීමට නියමිත තෙවැනි යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන එකම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකාව බවට හසිනි අම්බලන්ගොඩගේ පත්ව සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමට හසිනි හැර වෙනත් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් සුදුසුකම් ලබා නොමැති අතර, පසුගිය කාලයේදී දැක්වූ දක්‍ෂතා හේතුවෙන් ඇයට මෙම අවස්ථාව හිමිව තිබේ.

2007 වසරේදී නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට අත්පොත් තැබූ හසිනි ඉන් අනතුරුව 2013 වසරේදී කොළඹ විශාකා විදුහලට ඇතුළත් විය. කෙසේ වෙතත් මේ වන විට කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතා ගණනාවක්ම දිනා ඇති හසිනි මේ හේතුවෙන්ම ශ්‍රී ලංකා ජේ‍යෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායමේද නිත්‍ය සාමාජිකාවක් බවට පත්වූවාය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති පාකිස්තානු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී අනු ශූරතාව දිනාගත් හසිනි මේ වසරේදී ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලද නියෝජනය කිරීම ඇයගේ දක්‍ෂතාවලට උදාහරණ සපයා දී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon