තැපැල් සේවකයින් කළු කොඩි ගෙන උද්ඝෝෂණයක

  👤  1304 readers have read this article !
Published by : MB WEB 2018-06-25 13:11:57

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති ගණනාවක් විසින් වැඩ වර්ජනයට සමගාමිව හැටන්  ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට තැපැල් සේවකයින් පිරිසක්  කළු කොඩි අතින්ගෙන උද්ඝෝෂණයක නිරත වූ බව මව්‍බිම වාර්තාකරු පවසයි.
 
අද(25) උදෑසන 10.00ට පමණ හැටන් ප්‍රධාන තැපැල් කාර්යයාලය යටතේ පාලනය වන ප්‍රදේශයේ  තැපැල් කාර්යයාල ගණනාවකම සේවකයින් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.

උද්ඝෝෂණයේ නියැලි සිටි තැපැල් සේවකයින් කියා සිටින්නේ තම වෘත්තිය සමති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 15ක් ගත වි ඇතත් රටේ පාලකයින් එම සේවක ඉල්ලීම් ලබා දීමට අපෝසත් වි ඇති බවයි.

එම ඉල්ලීම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවද උද්ඝෝෂණයේ නියැලි සිටි තැපැල් සේවකයින් අවධාරණය කර සිටියි.

මෙම උද්ඝෝෂනයේදි දේව කන්නලව්වක් සිදු කරමින් තැපැල් සේවකයින් විසින් තැපැල් කාර්යයාලය ඉදිරිපට පොල් ගැසිමක්ද සිදු කර පසුව එම සේවකයින් විරෝධතා පෙළ පාලියකින් හැටන් නගර මධ්‍යයෙන් හැටන් පැරණි තැපැල් කාර්යාලය වෙත ගමන් කරනු ලැබුවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon