රත්මලානේ දී හමුදා කොප්‍රල්වරයකුට වෙඩි

  👤  1203 readers have read this article !
Published by : MB WEB 2018-06-25 10:31:40

රත්මලාන, චක්කින්ධාරාම මාර්ගයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද(25) උදෑසන 7. 20 පමණ මෙම වෙඩි තැබිම සිදුව ඇති බවයි.

ලුතිතන් කර්නල්වරයෙකුට අයත් නිවසක සිටි කෝප්‍රල්වරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බව සඳහන්ය. වෙඩි වැදිමෙන් තුවාල ලැබූ කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කිහිප දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon