අද කොළඹ නගර සභා සීමාවට ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ

  👤  1426 readers have read this article !
Published by : MB WEB 2018-06-23 11:09:05

අද(23) කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පවසන්නේ අත්‍යවශ්‍ය ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙනු ඇති බවයි.

අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් පරිභෝජනය සදහා අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස ජලසම්පාදන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon