දීපිකා ගින්නෙන් බේරෙයි

  👤  1162 readers have read this article !
Published by : MB WEB 2018-06-25 11:38:12

පසුගිය දවසක දීපිකා පදුකෝන්ටත් හදිසි අනතුරකට මුහුණපාන්නට සිදුවුණා. ර්ථීපචඡඩචමඪහි පිහිටි ඕඥචභ ර්ධදඤඥ තට්ටු නිවාස සංකීර්ණයේ උඩු මහලක හදිසියේ ඇතිවුණු ගිනි ගැනීමක් නිසා ගොඩක් දෙනා කලබල වුණා.

දීපිකාගේ නිවෙසත් පිහිටා තිබුණේ මේ ගොඩනැඟිල්ලේමයි. ගින්න නිසා 32,33 යන මහල්වලටත් දැඩි හානි සිදුවුණා. කොහොම වුණත් මේ අනතුර නිසා කිසිම කෙනකුගේ ජීවිතවලට නම් හානියක් වුණේ නැහැ. පොලිසියේ හා ගිනි නිවන භට කණ්ඩායම්වල සහායෙන් මේ තත්ත්වය ඉක්මනින් පාලනය කරගන්නටත් හැකිවුණා.

ගොඩක් දෙනා මේ අනතුර නිසා කලබල වුණේ දීපිකාගේ ජීවිතයටත් හානියක් වෙයිද කියන සැකයෙන්. ඒ වුණත් ඒ සිදුවීම වුණු අවස්ථාවේ දීපිකා නම් සිටියේ පිටත රූගත කිරීම් කටයුතුවලයි. දීපිකාගේ රසිකයන් මේ ආරංචියෙන් කලබල වුණු නිසා මේ අනතුරින් තමන්ට කිසිදු හානියක් සිදුනොවූ බව ඇය මාධ්‍යයට පවසා තිබුණා. දකුණු ඉන්දියාවේ ර්ථීපචඡඩචමඪ ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ලේ මේ විදියට හදිසි ගින්නක් ඇති වෙන්න හේතුවුණු සිදුවීම නම් තාමත් අනාවරණය වෙලා නැහැ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon