කොල්ලය වරදී-පොලිස් නිලධාරියෙක් මරුට:4ක් රෝහලේ

  👤  1729 readers have read this article !
Published by : MB WEB 2018-06-22 12:38:42

මාතර ස්වර්ණභාරණ වෙළෙඳසලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරීයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.

එක් කොල්ලකරුවෙකු සහ ඔවුන් පැමිණි යතුරුපැදි දෙකක් හා ගිනි අවියක්ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ල කල්ලිය පුද්ගලයින් අට දෙනකුගෙන් පමණ සමන්විත අතර මේ වන විට මාතර දුම්රියපොල පාර,ගාලු පාර ඇතුළු මාර්ග හතරක සැඟව සිටින කොල්ලකරුවෝ සොයා පොලිස් මෙහෙයුම් දියත් කර තිබේ.

ඔවුන් සියළු දෙනා සතුව ගිනි අවි ඇති බව පොලීසිය සඳහන් කරයි. බරපතල තත්ත්වයේ පසුවන පොලිස් නිලධාරීන් රෝහලගත කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon