දස දෙනෙකු සපා කෑ දිවියා ගම්වාසීන් අතින් මරුමුවට

  👤  1574 readers have read this article !
Published by : MB WEB 2018-06-21 18:29:48

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

කිලිනොච්චියේ අම්බාලකුලම් ගම්මානයට අද කඩාවැදුණු දිවියෙකු එහි වැසියන් 10 දෙනෙකු සපා කා තිබෙනවා. ගම්මානයේ එළුවන් සහ ගවයින් දඩයම් කිරීමට මේ දිවියා පැමිණ තිබූ අතර පසුව ගම්වාසීන්ගේ නොසන්සුන්තාවය හමුවේ සත්ත්වයා අසල තිබූ වගාබිමක සැඟවී සිට තිබෙනවා. කෙසේ නමුත් වනජීවී නිලධාරීන් දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසුවද එම නිලධාරියෙකුට පහරදී ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමට පියවර ගත්තා. ඉන් පසුව කෝපයට පත් ජනතාව දිවියා ට පහරදීමට යාමේදී නැවතත් ගම්වාසීන් 5 දෙනෙකු සපා කා තිබෙනවා.

කෙසේ නමුත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගම්වාසීන් පොලු මුගුරු වලින් දිවියාට දරුණු ලෙස පහරදී ඝාතනය කර තිබුනා. මරුමුවට පත්වූ දිවියා වඳවීයෑමේ තර්ජනයට ලක්ව තිබෙන සත්ත්වයෙකු බවට වනජීවී නිලධාරීන් දැනසිටියද ගම්වාසීන් පහරදෙන අවස්ථාවේ ඔවුන් ඊට මැදිහත්වී නොතිබීම විශ්මයට කරුණක්. කෙසේ නමුත් මේ වනවිට අදාල වනජීවී නිලධාරීන්ට සිද්ධිය සම්බන්ධව නොයෙකුත් අංශ වලින් චෝදනා එල්ලවෙමින් පවතිනවා. ඝාතනයට ලක්වීමෙන් පසුවද දිවියාට විවිධාකාරයේ හිංසා සිදුකරන අයුරු කැමරා කාචයේ සටහන් වී තිබුනා.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon