කිරි අරන් යන කැබ් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

  👤  1156 readers have read this article !
Published by : MB WEB 2018-06-21 17:25:49

අධික වේගයෙන් ධාවනය වු කැබ් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලීසිය කියයි.

අද(21) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ධර්මරාජ සිංහල විදුහල අසලය.

නොර්වුඩ් අයර්බි වතු යායේ සිට නොර්වුඩ් නගරය දක්වා ධාවනය වු කැබ් රථයක් සහ නොර්වුඩ් සිට නොර්වුඩ් නිව්වැලි වත්ත දක්වා අධික වෙව්ගයෙන් ධාවනය වු කැබ් රථයක් මුහුනුට මුහුණලා ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

කැබ් රථ දෙකම තේ වතු ආශ්‍රිතව කිරි එකතු කර ප්‍රවහනය කරන කැබ් රථ දෙකක් බවත්,අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති වුවත් අනතුරින් කැබ් රථ දෙකටම බරපතළ හානි සිදු වි ඇති බව පොලිසිය කියා සිටියේය.

අධික වේගයෙන් ධාවනය වි ඇති කැබ් රථ දෙකම පවතින අයහපත් කාලගුණයත් සමඟම ලිස්සා ගොස් කැබ් රථ දෙකම මුහුණට මුහුණලා ගැටි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon