මහගම්මැද්ද කනිෂ්ඨයේ දරුවෝ සෙල්ලම් කරන්නේ මඩ වගුරක
බේරුවල-ඩී.එම්. ගුණසේන අලුත්ගම-කේ.ඩී. පවුලිස්
පයාගල මහගම්මැද්ද කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් දරුවන් 850 දෙනකු සඳහා ක්‍රීඩා කිරීමට හරිහැටි ක්‍රීඩා පිටියක් නොමැති අතර ක්‍රීඩා කිරීමට ඇත්තේ මඩ වගුරක් බව පාසල් දරුවන්ගේ මවුපියෝ පවසති. මවුපියෝ පවසා සිටියේ 2017 වර්ෂයේ බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල් දරුවන් 29 දෙනකු සමත් කරමින් කොට්ඨාස මට්ටමින් පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ මෙම පාසල බවයි. මවුපියන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් මේ තිබෙන කුඩා බිම් ප්‍රමාණයේ හෝ පස් දමා සකස් කර වටේට ආරක්ෂිත තාප්පයක් බැඳ දරුවන්ට ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම් කිරීමට ක්‍රීඩා පිටියක් ලෙස සකස් කර දෙන ලෙසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මවුපියෝ මෙසේ පැවැසූහ.
පසිඳු සමරවික්‍රම මහතා
මේ පාසලේ හරිම දක්ෂ ළමයින් ඉන්නවා. ඔවුන්ට ක්‍රීඩා කරන්න තැනක් නැහැ. මඩ වගුරක තමයි සෙල්ලම් කරන්නේ. වගකිවයුතු බලධාරීන්ට කියන්නේ මේ දරුවන්ට ක්‍රීඩා පිටියක් සකස් කර දෙන ලෙසයි.
ඥානවතී මුත්තුහේවා මහත්මිය
මේ දරුවන් සෙල්ලම් කරන්නේ මඩ වගුරක. ඇයි මේවා අපේ දේශපාලකයන්ට පේන්නෙ නැද්ද. හරිම කනගාටුයි.
නිශාන්ත බණ්ඩාර මහතා
කවුරු හෝ මැදිහත් වෙලා ක්‍රීඩ පිටියක් හදලා දෙන්න.
තිලක් වික්‍රමආරච්චි මහතා
හොඳ ක්‍රීඩා පිටියක් හදලා වටේට ආරක්ෂිත තාප්පයක් හදලා දුන්නොත් හොඳයි. හැම ළමයෙක්ම ගෙදර යනකොට මඩ නාගෙන තමයි ගෙදර යන්නේ. ඉමේ සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පති එස්.ඩී.පී. සේමසිංහ මහතාගෙන් විමසීමක් කළෙමු.
ඒ මහතා කියා සිටියේ කිසිවක් මාධ්‍යයට ප්‍රකාශ කරන්න නොහැකි බවය. එහෙත් පාසලේ දක්ෂ දරුවෝ ඉන්නවා ඔවුන්ට ක්‍රීඩා කරන්න තැනක් නැහැ. තිබෙන තැන මඩ වගුරක් එය හදා දුන්නෝත විශාල උපකාරයක් යැයිද ඔහු කීය.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24