මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වුනත් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දෙනවා

  👤  1340 readers have read this article !
Published by : MB WEB 2018-06-21 11:59:00

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනා ඉටු කිරිම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා රජයට දැනුම්දී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පයෝ ඊයේ (20) නිවේදනය කළේය.

එම නිවේදනය සිදු කිරිමෙන් අනතුරුව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් හමුවී සාකච්ඡා කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අමෙරිකා එක්සත් ජනපදයේ සම අනුග්‍රහය යටතේ 2015 වසරේදී සහ 2017 වසරේදී යෝජනා දෙකක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරනු ලැබීය.

එම යෝජනාවල ඇති කරුණු සපුරා ගැනිම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රි ලංකාවට පූර්ණ සහයෝගය ලබා දෙන බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

අදාළ යෝජනාවල කරුණු සපුරා ගැනිමේදී ශ්‍රී ලංකාවට අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනිම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම තුළින් ලොව පුරා සිටින මිතුරන්  සහ හවුල්කරුවන් සමග කටයුතු කිරිමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු වන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ශ්‍රී ලංකාව සමඟ ඇතිකර ගත් අන්‍යෝන්‍ය සබඳතාව පවත්වාගනිමින්  ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවෙ ප්‍රගතිය වෙනුවෙන් ඉතා සමීපව කටයුතු කරන බව අමෙරිකානු තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon