2018 ආසියානු මලල ක්‍රීඩා තරගයේ මීටර් 400 රන් පදක්කම සේරුවිල අරුණ දර්ශනට

  👤  1418 readers have read this article !
Published by : MB WEB 2018-06-21 11:02:09

කන්තලේ-ඩබ්.එම්. වික්‍රමසිංහ

මෙවර ජපානයේ පවත්වන ලද 2018 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 රන් පදක්කම සේරුවිල දෙහිවත්ත ග්‍රාමයේ එස්.පී. අරුණ දර්ශන හිමි කරගැනීමට සමත් විය.

අති දුෂ්කර ගම්මානයක් වන සේරුවිල දෙහිවත්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ අධ්‍යාපනය ලැබූයේ මාතලේ අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ විද්‍යාලයෙනි. එක් නිවුන් සහෝදරයකු සිටින ඔහුගේ මව වන ඒ.ඒ. වයලට් දැනට වසර පහක පමණ කාලයක සිට පාදයක ආබාධයකින් පෙළෙයි. එස්.පී. ප්‍රේමලාල් වන ඔහුගේ පියා ස්ථිර රැකියාවක් නොමැති හේන් ගොවිතැන් කරමින් දහසකුත් ආර්ථික අපහසුතා මැද තම පවුල ජීවත් කරවීමට වෙහෙසෙන්නකි.

ඉදිරියේදී ඉන්දුනීසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගයකට යෑමට සූදානමින් සිටින ඔහු එම අභියෝගයටද කෙසේ හෝ මුහුණ දීමට ධෛර්යවත් වන බව පැවැසීය. තම නිවුන් සොයුරාද ක්‍රීඩාවට දස්කම් දක්වන අතර කවපෙත්ත විසිකිරීම හා හෙල්ල විසිකිරීම, තරග ඉසව්වලින් වසර කීපයක්ම සමස්ත ලංකා ජයග්‍රහණ කිහිපයක්ම ලබා තිබෙන බවද වැඩිදුරටත් පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon