මාතලේ දිසා වොලිබෝල් තරගාවලියෙන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජය කාන්තා ජය නාවුලට

  👤  1536 readers have read this article !
Published by : MB WEB 2018-06-21 11:06:35

මාතලේ-හේවා පී. කරුණාරත්න

මාතලේ දිසා අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් තරගාවලියේදී මෙවර 2018 වසරේ පිරිමි ශූරතාව මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හිමි කරගත් අතර නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කාන්තා ශූරතාව දිනා ගත්තේය. මාතලේ දිසා ක්‍රීඩා නිලධාරිනි ඉනෝකා සේනාධීර මෙනෙවියගේ මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් වොලිබෝල් පුහුණුකරු ලක්ෂ්මන් විජේසේකර මහතා විසින් සංවිධාන කළ මෙම තරගාවලිය පසුගියදා මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පිරිමි අවසාන මහා තරගයේදී රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිල පරදා වට 3-2 ජයක් මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිල හිමි කරගත්තේය. ශූරතාව දිනූ මාතලේ පිල මොහොමඩ් ෆාහිම් විසින් මෙහෙයවිය. කාන්තා අවසාන මහ තරගයේදී යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිල පරදා වට 3-0ක ජයක් වාර්තා කිරීමට නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිලට හැකි විය. ශූරතාව දිනූ නාඋල පිල සංසලා නෙත්මිණි විසින් මෙහෙයවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon