20 සිරස සැණකෙළිය

  👤  1672 readers have read this article !
Published by : MB WEB 2018-06-22 16:20:12

සමන් ප්‍රියංකර නම්මුනිගේ

සිරස ඊඍ විකාශය අරඹලා අවුරුදු 20යි. පසුගිය දිනෙක ඔවුන් මේ ආරංචිය මාධ්‍යයට කිව්වා. නිකම්ම නෙවෙයි. කොළඹ සිනමන් ලේක් හෝටලයට කැඳවලා, ඉදිරියේදී ඔවුන් කරන්න බලාපොරොත්තු වන වැඩසටහන් පෙළගැස්ම කොහොමද කියන එකත් පැහැදිලි කරන ගමන්.

'20 සැණකෙළියට සැරසෙමින්' කියන තේමාව මුල්කරගෙන තමයි ඔවුන් අලුත් විදියේ ගමනක් යන්න මේ විදියට ලක ලෑස්ති වෙන්නේ.

සිරස ඊඍ තමයි කාලයක් මෙරට විද්‍යුත් මාධ්‍ය කලාවේ වෙනස්ම විදියේ ජනප්‍රිය වැඩසටහන් ඉදිරිපත් කළේ.

ඒත් පසුගිය කාලයේ සිරස තරගකාරී මාධ්‍ය ආයතන සමඟ උරෙන් උර ගැටී වැඩසටහන් කරන මාධ්‍ය කලාවෙන් තරමක් අෑත් වී සිටියා. ඒත් මේ මාධ්‍ය සාකච්ඡාවේදී සිරස ඊඍ වෙනුවෙන් කතා කළ සුසාර දිනාල් සිරස අලුත් වන විදිය ගැන දීර්ඝව කතා කළා.

"අපි සතියේ සෑම දිනකම උදෑසන සිට අරඹන වැඩසටහන්වල විවිධ බව දැන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. මේ වැඩසටහන් ගෙදර ගෘහණිය, දරුවන්, තරුණ පිරිස ඉලක්ක කරගත් වැඩසටහන් වීම විශේෂත්වයක්. ඒ වගේම තමයි වයස් භේදයකින් තොරව හැම කෙනකුටම රසවිඳිය හැකි රූපවාහිනි වැඩසටහන් අපි මේ 20 සිරස සැණකෙළියට සමගාමීව එකතු කරගෙන තිබෙනවා.

සුසාර කියන්නේ ඉදිරියේදී සිරස ඊඍ තුළ විකාශය වන චිත්‍රපටවල පවා සුවිශේෂීභාවයක් තිබෙන බවයි.

සිරස ඉදිරියේදී විකාශය කරන්න සැලසුම් කොට තිබෙන්නේ ලෝකයේ බොහෝ කතාබහට ලක් වූ ජනප්‍රිය මෙන්ම හරවත් චිත්‍රපටයි. එමෙන්ම අලුත් චිත්‍රපටයි.

"සිරස ඊඍ මෙතෙක් විකාශය කළ ජනප්‍රිය වැඩසටහන් ඒ විදියටම අපේ නාළිකාවේ විකාශය වෙනවා. 'මෙඩි සිනා' 'සිරස රස රිසි ගී, 'ස්වප්නා', 'මේ ආදරයයි', 'ජීවිතයට ඉඩ දෙන්න', 'දිග් විජය' වගේ වැඩසටහන් ඒ විදියට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ප්‍රේක්ෂකයා හා සම්බන්ධ වී විකාශය කෙරෙන වැඩසටහන්වලදී නැවුම් මුහුණුවරක්, වගේම නැවුම් පෙළගැස්මක් තිබෙනවා.

'මෙවර අපි ඉදිරිපත් කරන කාටුන් වැඩසටහන්වල සිට ටෙලි නාට්‍ය හා කාලීන බොහෝ වැඩසටහන්වල තිබෙන්නේ ගුණාත්මක බවක්"
"උදාහරණ ලෙස අපි විකාශය කරන අලුත් ටෙලිනාට්‍ය නරඹන්න. 'නීල පබළු' 'තාත්තා' වගේම 'මිණිගංදෑල' වගේ නාට්‍ය ඉතා හොඳ ටෙලිනාට්‍ය. දැනට විකාශය වන ඒවා වගේම ඒවා හොඳ නාට්‍ය.

"ඒ වගේම පෙන්ටතලන් හා සිරස ලක්ෂපති දරුවන්ගේ බුද්ධිය නංවන වැඩසටහන්"
සෑම දිනකම ගෙදර ගෘහණිය ඉලක්ක කරගත් වැඩසටහන් නැරඹුවොත් ඒවා තුළ කතාබහට ලක්වන මාතෘකා කාලීනයි.

20 සිරස සැණකෙළිය තුළ ඒ වැඩසටහන් රූපගත වේවි" සිරස ප්‍රවෘත්ති විකාශය තුළත් වෙනදාට වඩා අලුත් බවක් ඔබට දැකගන්න පුළුවන් වේවි. ඉදිරියේදී අපි කරන මේ වෙනස්කම් ගැන රූපවාහිනි ප්‍රේක්ෂකයන් කතා කරන බව නම් අපිට විශ්වාසයි.
සිරස ඉදිරියේදී ඔබේ ගමට ඒවි. ඒ වගේම ඔබට අදහාගත නොහැකි තෑගි බෝග ලබා දේවි. සජිවී වැඩසටහන්වලදී ප්‍රශ්න අසා ඒ මොහොතේම ඔබට වටිනා කාර් එකක් පවා තෑගි දේවි".

සුසාර ඔය විදියට දිගින් දිගට සිරස ඊඍ තුළ සිදුවන වැඩසටහන්වල විස්තර වගේම රූපවාහිනි ප්‍රේක්ෂකයාට ලැබෙන වාසි පවා අපට විස්තර කළා. දැන් ඔබට පුළුවන් සිරස බලන්න. මේ කියන කතන්දරවල ඇත්ත සොයන්න. තෑගි බෝග දිනා ගන්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon