රුවන්ගේ ආදරේ හිමිකාරිය ගැන බිරිය දැනගෙන

  👤  3222 readers have read this article !
Published by : MB WEB 2018-06-21 10:01:17

උදාරා ඉන්දිවරී ජිනදාස

රුවන් වික්‍රමසිංහ කියන්නේ අපි කවුරුත් හොඳින් හඳුනන දක්ෂ රංගන ශිල්පියෙක්. අපි ඔහුව දන්නේ නළුවෙක් විදියට. හැබැයි ඔහු ගැන අපි දන්න තරම ටිකයි. හරියටම ඔහුව දන්නේ රුවන්ගේ බිරිය. ඉතිං අපි රුවන් ගැන අහන්න වාසනා එදිරිසූරියව හදගැස්මේ කතා බහට එකතු කරගත්තා.

යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දී රුවන් කොයි වගේද?

යාළුවෙක් විදියට ලොකු කාලයක් ආශ්‍රය කරල නෑ. රුවන් කැම්පස් එකේ සීනියර් බැට්ච් එකේ හිටියේ. ගොඩක් ලොකු කාලයක් යාළුවෙක් විදියට ආශ්‍රය කළේ නැති වුණත් හොඳට සැහැල්ලුවෙන් කතා බහ කරල ඉන්න කෙනෙක් විදියට මම එයාව හඳුනගත්තේ.

ආදරය කරද්දි කොයි වගේ චරිතයක්ද?

රුවන් එක්ක ජීවත් වෙන්න හරිම පහසුයි. එයා හරිම නම්‍යශීලී කෙනෙක්. ඕන ප්‍රශ්නයක් කතා කරල විසඳගන්න පුළුවන්.

රුවන් පවුලට දෙන තැන?

රුවන්ගෙන් පවුලෙ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. මමත් කාර්යබහුලයි. ගෙදර අස්පස් කරන වැඩ කරන්නේ රුවන්. ඒ ඇරෙන්න මගේ පවුලේ අය ගැන වුණත් රුවන් හොයලා බලනවා.

ඔහු වැඩිපුරම ආදරය කරන කෙනා?

රුවන් වැඩිපුරම ආදරය කරන්නේ එයාගේ අම්මට වෙන්න ඕන. කොහොමත් ඒක එහෙම විය යුතු දෙයක්. මට ඒක ගොඩක් දැනෙනවා.

රුවන්ට සතුටක් දැනුණම?

රුවන් පොඩි දේට වුණත් හයියෙන් හිනාවෙලා ඉන්නවා. කොයි වෙලාවකවත් මූඩ් ගහල ඉන්නෙ නෑ. සතුටු හිතෙන දෙයක් වුණහම ගෙදර ඇවිල්ල කියනවා නැත්නම් ජචතත එකක් දීලා හරි මට කියනවා.

දුකක් දැනුණම මොකද කරන්නේ?

දුකක් හිතුණම කතා නොකර ඉන්නවා. රුවන් හරිම සංවේදී කෙනෙක්. අනුන්ගේ දේකදී වුණත් දුක් වෙනවා. එහෙම දුකක් දැනුණම සමහර වෙලාවට මාත් එක්ක කියනවා.

රුවන්ගේ ළඟම යාළුවෝ?

ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඉන්න යාළුවෙක් ඉන්නවා චනක කියලා. චාතූර්යා එකේ චින්තක එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. රුවන්ට යාළුවෝ නම් ගොඩක් ඉන්නවා.

යාළුවෝ අතරේදී කොයි වගේ කෙනෙක්ද?

යාළුවෝ එක්ක ඉන්නකොට හරිම සැහැල්ලුවෙන්, සරලව ඉන්නවා. රුවන්ට විවිධ ක්ෂේත්‍රවල යාළුවෝ ඉන්නවා. ඒ හැමෝම එයා ආශ්‍රය කරනවා.

ෆැෂන්වලට තියෙන කැමැත්ත?

රුවන් ගොඩක් ඡපඪඨඩබ ජධතධභපඵවල ඇඳුම් තමයි අඳින්නේ. අඳුරු පාටවල් අඳින්න කැමති නෑ. තෑග්ගක් විදියට ලැබුණු දෙයක් වුණත් එයා අකැමැති නම් අඳින්නේ නෑ.

රුවන්ගේ විශේෂ පුරුදු?

රුවන්ට උදේ තේ එකයි හවස තේ එකයි අනිවාර්යයෙන්ම බොන්න ඕන. තේ එක නැත්නම් ඔළුව රිදෙන්න ගන්නවා. එයා ගෙදර ඉන්නව නම් නිතරම ඇඟ හෝදනවා. දවසට දෙතුන් පාරක් හරි.

රුවන්ගේ අකැමැතිම පුරුද්ද?

මම රුවන්ගේ අකැමැතිම පුරුද්ද තමයි තමන් ගැන හිතන්නේ නැතුව අනික් අය ගැන හිතන එක. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒ දේවල් එක්ක එයාගේ කෑම බීම වගේම සෞඛ්‍ය ගැන හිතන්න තියෙන කාලය අඩු වෙනවා. ගෙදර ගතකරන්න තියෙන කාලයත් අඩු වෙනවා.

රුවන් තව කෙනකුගෙන් බලාපොරොත්තු නොවන ගතිගුණ?

කට්ටිය කයිවාරු කියවනවට එයා වැඩිය කැමති නෑ. සතුන්ට හිරිහැර කරනවාට අකැමැතියි. තව වැඩිහිටි අයට නොසලකා ඉන්න අයටත් එයා අකැමැතියි.

රුවන්ගේ අපි නොදන්න රහස්?

රුවන් හරිම සැහැල්ලු කෙනෙක්. ඒ වුණාට හරිම වගකීමකින් වැඩ කරන කෙනෙක්. ඕන දෙයක් ගැන වගකීම් සහගතව වැඩ කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon