මනාලියක් බැලීමට ගිය වෑන් රිය ට්‍රාන්ස්ෆෝමරයේ හැපී 15 කට බරපතළයි

  👤  1645 readers have read this article !
Published by : MB WEB 2018-06-18 11:16:01

දඹුල්ල -
කේ.කේ. ආරියදාස

දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ඊයේ (17දා) වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ට්‍රාන්ස්ෆෝමරයක හැපීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ ඥාතීන් පිරිසක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ 15 දෙනකුගෙන් පමණ යුත් වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් වැලිමඩ ප්‍රදේශයේ සිට වවුනියාව ප්‍රදේශයේ පවුලේ අයකුට විවාහ කටයුත්තක් වෙනුවෙන් තරුණියක් බැලීමට යන අතරතුර මෙම අනතුර සිදුවූ බවත් දඹුල්ල දෙසින් අනුරාධපුර දෙසට වෑන් රථය වේගයෙන් ධාවනය වී පෙරළී මාර්ගය අසල ට්‍රාන්ස්ෆෝමරයක හැපී පෙරළී ඇති බව ආරංචි මාර්ග කියයි.

තුවාලකරුවන් අතර කාන්තාවන් 8ක් පිරිමි 5ක් කුඩා දරුවන් දෙදෙනෙක්ද වන බව පොලිසිය කියයි.

 

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon