අද සිට ගුවන්තොටුපොළට පැය 4කට කලින් එන්න

  👤  1608 readers have read this article !
Published by : MB WEB 2018-06-18 09:56:31

කටුනායක ගුවන් තොටුපොළෙන් අද (18දා) සිට විදේශ රටවලට ගුවන් ගත වන මගීන්ට පැය හතරකට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.

කටුනායක ගුවන්තොටුපොළේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණයට එළැඹ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කරයි. මෙම තීරණය ඉදිරි පැය 48 තුළ ක්‍රියාත්මක වන බවත්, ගුවන් මගීන්ට අපහසුවක් නොවන පරිදි අලුත්වැඩියා කටයුතු අවසන් කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon