මොණරාගලට නව ඔසුසල ශාඛාවක්

  👤  1210 readers have read this article !
Published by : MB WEB 2018-06-16 10:43:13

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව අලෙවි ශාඛාව මොණරාගල නගරයේ දී විවෘත කිරිමට කටයුතු යොදා ඇත.

මොණරාගල නව අලෙවි ශාඛාව ජුනි 16 දින පස්වරු 3.00 ට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සහ රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කිරිමට නියමිතය.

මෙම ඔසුසල ශාඛාව විවෘත කිරිමත් සමග ඔසුසල ශාඛා සංඛ්‍යාව 38 දක්වා ඉහළ යන අතර, ඉදිරියේ දී මාතලේ, පේරාදෙණිය, දඹුල්ල කෑගල්ල යන නගර වල දී අලෙවි ශාඛා විවෘත කිරීමට නියමිතව ඇත.

2018 වසර අවසන් වන විට අලෙවි ශාඛා සංඛ්‍යාව 50 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතාට සහ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි මහතාට උපදෙස් ලබා දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon