බල්ලන්-වඳුරන්-රිළවුන්-ගවයන් අනුරාධපුර පූජා භූමිය අපවිත්‍ර කරලා

  👤  1672 readers have read this article !
Published by : MB WEB 2018-06-14 09:04:14

මැදවච්චිය - සරත්චන්ද්‍ර වික්‍රමසිංහ

අනුරාධපුර අටමස්ථානය වන්දනාමාන කිරීම සඳහා මෙන්ම නැරැඹීම සඳහා පැමිණෙන ජනතාව පූජා භූමියේ අවිධිමත් අයුරින් කසළ බැහැර කිරීම නිසා පූජා භූමියේ අලංකාරය විනාශ වෙමින් තිබේ.

පූජා භූමියේ තැන තැන තබා ඇති කසළ බඳුන්වලින් වඳුරන් හා රිළවුන් කසළ ඉවතට ඇද දමන අයුරුද එසේ ඇද දැමූ කසළ ආහාරයට ගැනීමට බල්ලන් ඇබ්බැහි වී සිටින අයුරු පූජා භූමියේ සංචාරයක නිරත වූ "මව්බිම" අපට දැක ගන්නට ලැබිණි. ගව පැටවුන්ද කසළ ආහාරයට ගැනීමට පුරුදුව සිටිනු දක්නට ලැබිණි.

පොලිතින් බෑග් හා ආහාර දවටන පූජා භූමියේ ඇතැම් තැන්වල විසිරී තිබෙන අයුරුද දැකිය හැකිය.

සංචාරකයන් හා බැතිමතුන් දිය නෑම සඳහා භූමිය අසල වැව්වලට පැමිණේ. ඔවුන් වැව් බැමි හා වැව තුළද කසළ හා පොලිතින් මෙන්ම හිස් බීර ටින් හා හිස් අරක්කු බෝතල් දමා යන බවත් ඇතැමුන් බෝතල් වැව් තුළ හා රළපනාව මත බිඳ දමන බවත් ගොවි සංවිධාන නියෝජිතයෝ කියති.

තවද වැව් බැමි මත වූ කසළ බඳුන් පිරී ගියත් වාරිමාර්ග ආයතන ඒවා ඉවත් කිරීමට මැළිකමක් දක්වන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon