සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ

  👤  1212 readers have read this article !
Published by : MB WEB 2018-06-13 14:50:02

දශක ගණනාවක් ප්‍රංශයේ සපත්තු පෙට්ටියක බහා තිබූ 18 වෙනි ශතවර්ෂයට අයත් චීන මල් බඳුනක් පවුම් ලක්ෂ 142 වෙන්දේසි වී තිබේ.

අඟහරුවාදා(12) පැරීසියේ පිහිටි සොතෙබිස් (Sotheby's) සමාගම් ශාඛාවේදී මල් බඳුන අලෙවි වී ඇත්තේ ඇස්තමේන්තු කරන ලද මුදලට වඩා විසි ගුණයක වටිනාකමකටය.

යුරෝ 500,000 - 700,000 අතර මුදලකට මල් බඳුන ඇස්තමේන්තු කර තිබිණි.

ප්‍රංශයේදී සොතෙබිස් වෙන්දේසිකරුවන් විසින් එක් භාණ්ඩයක් අලෙවි කරන ලද වැඩිම මිල මෙයය.

පවුල් උරුමයක් ලෙස පැවති මෙම මල් බඳුන අට්ටාලයක් මත දමා තිබියදී මෑතක දී සොයා ගන්නා ලදී.

සොතෙබිස්හි ආසියානු කලාව පිළිබඳ ප්‍රවීනයෙකු වන ඔලිවියර් වැල්මියර් කියා සිටියේ බඳුන අලෙවි කළ තැනැත්තිය "දුම්රියකින් සහ උමං දුම්රියකින් ගමන් කර, ඉන් බැස පා ගමනින් මගේ කාර්යාලයට පැමිණියේ පත්තර පිටුවකින් එතූ පරණ සපත්තු පෙට්ටියක් රැඟෙනයි" යනුවෙනි.

"ඇය මගේ මේසය මත සපත්තු පෙට්ටිය තබා එය විවෘත කර පෙන්වූ විට මල් පෝච්චියේ ලස්සන දැක අප පුදුමයට පත් වුණා"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon