මූලික කරුණු 20ක් ගැන 16 කණ්ඩායම අද සාකච්ඡා
අමාත්‍ය ධුරවලින් ඉවත්වී විපක්ෂයේ අසුන්ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් 16 දෙනා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (13දා) පස්වරු 3.00ට හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ බොරැල්ල පිහිටි නිවෙසේදී පැවැත්වීමට නියමිතය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා 'වියත්මඟ' ඔස්සේ උගතුන්, බුද්ධිමතුන් හමුවී පසුගිය කාලය පුරා විවිධ සාකච්ඡා පැවැත්වූ අතර ඉන් පරිබාහිරව දේශපාලනඥයන් පිරිසක් හමුවන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. මෙම දේශපාලනඥයන් අතරත් නීතිඥවරුන් 8 දෙනකු උපාධිධාරීන් හය දෙනකු විශේෂඥ වෛද්‍යවරියක් සහ ගුරුවරියක් සිටින අතර මෙම පිරිස හමුවීම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ 'වියත්මඟ' වැඩසටහන ඉදිරියට ගෙන යෑමට මහඟු පිටිවහලක් වන බවද මෙම මන්ත්‍රි පිරිසගේද අදහස වී තිබේ.
ඒ අනුව මෙම මන්ත්‍රිවරු 16 දෙනා අතරින් නීතිඥවරුන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඩිලාන් පෙරේරා, අනුරාධ යාපා ජයරත්න සහ චන්දිම වීරක්කොඩි යන පිරිසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එස්.බී. දිසානායක, ටී.බී. ඒකනායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල, තරානාත් බස්නායක, සුසන්ත පුංචිනිලමේ උපාධිධාරීන් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විශේෂඥ වෛද්‍යවරියකි.
මේ අතර සුමේධා පී. ජයරත්න මන්ත්‍රිවරිය ගුරුවරියකි.
මෙම මන්ත්රින්වරුන් 16 දෙනා හිටපු ආරක්ෂක ලේකම්වරයා සමඟ රටේ වැදගත් ක්ෂේත්‍ර 20ක් පිළිබඳව අද දිනයේ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඒ අනුව කෘෂිකර්මය, ආර්ථික වර්ධනය, කර්මාන්ත අංශය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ධීවර, ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීම, ජාතික සංහිඳියාව, දුප්පත්කම තුරන් කිරීම, නීතිගරුක සමාජයක් ඇති කිරීම, මත්ද්‍රව්‍යවලින් තොර රටක් නිර්මාණයකිරීම, අපරාධ රැල්ල මැඬලීම, අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු ක්ෂේත්‍ර 20ක් කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවනු ඇත.
මෙම සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි වැඩසටහන් සඳහා සම්බන්ධ කිරීම පිළිබඳව ස්ථිර වැඩපිළිවෙළක් සැකසීමට නියමිත බවද වාර්තා වේ.
අද මව්බිමෙන්
- කපුකාර සාමි මතුරලා දුන් තැඹිලි ගෙඩි පහක් බිව්ව රෝගියා මරුට 🕔2019-02-21
- ගේට්වේ එඩියුකේෂනල් ආයතනයේ හිටපු සම්බන්ධීකරණ නිලධාරිනියට අත්හිටුවූ සිරදඬුවම් හා දඩ 🕔2019-02-21
- ලේඛන පොතේ සඳහන් සෑම සටහනකට පසු අධ්යක්ෂවරයා සහතික කරනවා 🕔2019-02-21
- තල්ගස්පේ මනානදී දරුණු ලෙස පහරදී පුද්ගලයකු ඝාතනය කරයි 🕔2019-02-21
- ගුණධර්ම යටපත්වීම නිසා දරුවන් රැකගැනීම අභියෝගයක් වෙලා 🕔2019-02-21
- සමහරුන් කියන්නේ විජයබා කොල්ලයේ වගේ අපි රට කෑලිවලට කඩන බවයි 🕔2019-02-21
- රන්ජන්ගේ චෝදනාව ගැන පරීක්ෂණයක් කිරීමට කුඩ්ඩන් නොවන ඇමැතිවරුන් බලපෑම් කළ යුතුයි 🕔2019-02-21
- ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ 🕔2019-02-21
- රනිල්-මෛත්‍රි දේශපාලන දීගය කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ 🕔2019-02-21
- සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ක්‍රමය අහෝසියි 🕔2019-02-21
- කාර්යාල දුම්රියවල කාන්තාවන්ට වෙනම මැදිරි 🕔2019-02-21
- මැල් මැඳුර ආයතනයෙන් අසාමාන්‍ය ඇබ්බැහිවීම්වලට පුරුදු වූවන් සඳහා නව චිකිත්සක ක්‍රමවේදයක් 🕔2019-02-21
- රාජ්‍ය සේවකයා හරියට වැඩ කරනවා නම් මේ රට හොඳ රටක් කරන්න පුළුවන් 🕔2019-02-21
- මන්නාරම් සමූහ මිනී වළේ ඇමෙරිකානු කාබන් වාර්තාව මන්නාරම් අධිකරණයට භාර දෙයි 🕔2019-02-21
- වවුනියාව ඩිපෝවේ සංකේත වර්ජනයක් 🕔2019-02-21
- මොනරාගල මුප්පනේ රජමහ විහාරයට අයත් ඉපැරැණි විහාර මන්දිරයේ චිත්රවලට කිසියම් පිරිසක් හානි කරලා 🕔2019-02-21
- යාපනයේ මාධ්‍යවේදියකුට පහරදුන්නැයි කෝපායි වැඩ බලන පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට 🕔2019-02-21
- මිරිදිය මසුන් සඳහා පාලන මිලක් 🕔2019-02-21
- මාර්තු 16දා සිට ඉඩම් ඔප්පු දෙන්න එක්දින කඩිනම් සේවාවක් ඇරැඹේ 🕔2019-02-21
- දුලබ අක්මා රෝගයකින් පුතු ගලවාගන්නට සේසතම අහිමි කරගත් අසරණ පවුලක් 🕔2019-02-21