අලුතින් ලැබුණ රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් මෙන්න

  👤  1435 readers have read this article !
Published by : MB WEB 2018-06-12 10:42:40

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

 

රාජ්‍ය අමාත්‍යවරු


01- රංජිත් අළුවිහාරේ මහතා - සංචාරක,සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු


01- අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් මහතා - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් මහතා - නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- එඞ්වඞ් ගුණසේකර මහතා - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

 

ජනාධිපති මාධ්‍ය අංශය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon